දානියෙල් 5:18-21

දානියෙල් 5:18-21 SCV

“අහෝ රජ්ජුරුවනි, මහෝත්තම දෙවියන්වහන්සේ ඔබේ පිය රජු වන නෙබුකද්නෙසර්ට රාජ්‍යයත්, ශ්‍රේෂ්ඨත්වයත්, ගෞරවයත්, තේජශ්‍රීයත් දුන් සේක. උන්වහන්සේ ඔහුට දුන් ඒ උත්තම භාවය නිසා සියලු ජනයා, ජාතීන්, ඒ ඒ භාෂා කතා කරන මිනිසුන් යන හැමදෙන ඔහු ඉදිරියේ වෙවුලා සිටියා; ඔහු ඉදිරියේ බය වුණා; රජුට මරා දමන්නට ඕනෑ වූ අය ඔහු මරා දැම්මා; ඉතිරි කිරීමට ඔහුට ඕනෑ වූ අය ඔහු ඉතිරි කළා; උසස් කිරීමට ඔහුට ඕනෑ වූ අය ඔහු උසස් කළා; යටහත් කිරීමට ඔහුට ඕනෑ වූ අය ඔහු යටහත් කළා. එහෙත් ඔහුගේ හද උදාරම් වී, අහංකාරයෙන් දැඩි වූ කල, ඔහුගේ රාජකීය සිංහාසනයෙන් ඔහු පහ කර දමනු ලැබුවා. ඔහුගේ ගෞරවය ද ඔහු වෙතින් ඉවත් කෙරුණා. මිනිස් සමාජයෙන් පලවා හරිනු ලැබ, සතකුගේ මනසක් ඔහුට දෙනු ලැබ, ඔහු වල් බූරුවන් අතරේ වාසය කරමින්, ගවයකු මෙන් තණ කෑවා. මහෝත්තම දෙවියන්වහන්සේ මිනිසුන්ගේ රාජධානිවලට ඉහළින් පරමාධිපති වගත්, උන්වහන්සේ කැමති කවර කෙනකුට වුව, උන්වහන්සේ ඒවා දෙන වගත්, ඔහු ඒත්තු ගන්නා තුරු ඔහුගේ සිරුර අහස් පින්නට තෙමුණා.