දානියෙල් 5:1-4

දානියෙල් 5:1-4 SCV

බේල්ෂසර් රජු, තම වංශවතුන් දහසකට මහ ප්‍රිය සාදයක් පවත්වා, එම දහස් දෙනා ඉදිරියේ මිදි යුෂ බීවේ ය. මෙසේ මිදි යුෂ තොලගාමින් සිටියදී, බේල්ෂසර් නියෝගයක් කරමින්, තම පියා වන නෙබුකද්නෙසර් විසින් යෙරුසලමෙහි දේව මාලිගයෙන් පැහැර ගෙනවුත් තිබූ රන් හා රිදී බඳුන් ගෙනෙන්නට අණ කළේ ය. ඒ, රජුටත්, ඔහුගේ වංශවතුනටත්, ඔහුගේ බිසවුනට හා ඔහුගේ අතිරේක බිරියනටත් ඒවායින් පානය කරන්නට ය. එබැවින් යෙරුසලමෙහි දෙවියන්වහන්සේගේ ගෘහය වන දේව මාලිගයෙන් ගෙන එනු ලැබූ රන් බඳුන් ඔවුහු ගෙනාවහ. රජු ද ඔහුගේ වංශවත්හු ද ඔහුගේ බිසෝවරු හා ඔහුගේ අතිරේක බිරියෝ ද ඒවායින් පානය කළහ. ඔවුහු මිදි යුෂ බොමින්, රනින් ද රිදීයෙන් ද ලෝකඩයෙන්, යකඩින්, දැවයෙන් හා ගලින් ද කළ දෙවිවරුනට ප්‍රශංසා කළහ.