දානියෙල් 12:1-4
දානියෙල් 12:1-4 SCV
“එකල්හි ඔබේ ජනයා ආරක්ෂා කරන මහ අධිපතියා වන මිකායෙල් නැගිටිනු ඇත. ජාතීන් ඇරඹුණු තැන් පටන් ඒ දක්වාත් සිදු නො වූ තරමේ විපත්ති කාලයක් ඇති වන්නේ ය. එකල්හි ඔබේ ජනයා, පොතෙහි ලියැවී ඇති සියල්ලෝ, ගැලවෙනු ඇත. පොළොවේ ධූලියෙහි සැතපෙන සමූහයා පිබිදෙනු ඇත; ඇතමකු සදාතනික ජීවනයටත්, ඇතමකු සදාතනික පිළිකුලටත් ය. ප්‍රඥාවන්තයෝ ගුවන්තල දීප්තිය මෙන් ද බොහෝ දෙනකු දමිටුකමට මග පෙන්වන්නෝ තරු මෙන් සදහට, සදාතනික ව ද බබළන්නෝ ය. එහෙත් දානියෙල් ඔබ, පණිවුඩය වසා, අවසන් කාලය තෙක් පොත මුද්‍රා තබන්න. බොහෝ දෙනකු ඒ මේ අත යනු ඇත. දැනගැන්ම ද වර්ධනය වේ.”

