දානියෙල් 10:12-13

දානියෙල් 10:12-13 SCV

තවද ඔහු, “බිය නො වන්න දානියෙල්; අවබෝධය ලබන්නටත්, ඔබේ දෙවියන්වහන්සේ ඉදිරියේ යටත්වන්නටත් ඔබ ඔබේ මනස යොමු කළ මුල් දවසේ පටන් ඔබේ යාච්ඤා අසනු ලැබී ය. මා පැමිණියේ ඊට ප්‍රතිචාර වශයෙනි. එහෙත් පර්සියානු රාජධානියේ අධිපතියා විසිඑක් දවසක් මට එරෙහිව සිටියේ ය. එවිට ප්‍රධාන අධිපතීන්ගෙන් කෙනකු වන මිකායෙල් මගේ උපකාරයට පැමිණියේ ය. මන්ද මම පර්සියානු රජු වෙත රඳවා තබා සිටියෙමි.