දානියෙල් 10:11-12
දානියෙල් 10:11-12 SCV
ඔහු මා අමතමින්, “එම්බා දානියෙල්, බොහෝ ප්‍රේම ලත් මනුෂ්‍යය, දැන් මා ඔබට කියන්නට යන වචන සාවධාන ව කල්පනාවට ගන්න; නැගිට සිටගන්න; මන්ද මා එවන ලද්දේ ඔබ වෙතට යැ” යි කීවේ ය. ඔහු එසේ කී කල, මම වෙවුලමින් නැගිට, සිට ගත්තෙමි. තවද ඔහු, “බිය නො වන්න දානියෙල්; අවබෝධය ලබන්නටත්, ඔබේ දෙවියන්වහන්සේ ඉදිරියේ යටත්වන්නටත් ඔබ ඔබේ මනස යොමු කළ මුල් දවසේ පටන් ඔබේ යාච්ඤා අසනු ලැබී ය. මා පැමිණියේ ඊට ප්‍රතිචාර වශයෙනි.

