දානියෙල් 1:8-10
දානියෙල් 1:8-10 SCV
එහෙත් දානියෙල්, රාජ භෝජනයෙන් හා රජුගේ මිදි යුෂවලින් තමා අපවිත්‍ර කර නො ගැනීමට අධිෂ්ඨාන කර ගත්තේ ය. එබැවින් එසේ අපවිත්‍ර නො වී සිටීමට ප්‍රධාන නිලධාරියාගෙන් ඔහු අවසර ඉල්ලී ය. ප්‍රධාන නිලධාරී වෙතින් ප්‍රසාදයත්, අනුකම්පාවත් දානියෙල්ට ලැබෙන්නට දෙවියන්වහන්සේ සැලසූ සේක. එහෙත් දානියෙල් ඇමතූ ප්‍රධාන නිලධාරී, “ඔබගේ ආහාරත්, පානත් නියම කළ මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ට මම භය ඇත්තෙමි. ඔබේ වයසේ සෙසු තරුණයින්ට වඩා ඔබ වැහැරී සිටිනු ඔහු දැකිය යුත්තේ ඇයි? එසේ වුවහොත් රජු, ඔබ නිසා මගේ හිස ගනු ඇතැ” යි පැවසී ය.

