ඔවුහු ශාරීරික දෝෂයකින් තොර, යෞවන, කඩවසම්, සකල ප්‍රඥාවෙහි සමත්, දැනගැන්ම, වටහාගැන්ම හා දැනුම් තේරුම් ඇති, රජ මාලිගයේ සේවයට සුදුස්සන් වූවන් විය යුතු විය. කල්දිවරුන්ගේ භාෂාව හා සාහිත්‍යය ඔවුනට ඉගැන්විය යුතු විය. රජු අහරට ගන්නා භෝජන හා රජු පානය කරන මිදි යුෂ යන දැයින් දිනපතා කොටසක් රජු ඔවුනට නියම කළේ ය. ඔවුන් තුන් අවුරුදු පුහුණුවක් ලැබිය යුතු විය. රජු ඉදිරියේ ඔවුන් පෙනී සිටිය යුතු වූයේ ඉන්පසුව ය. ඔවුන් අතරෙහි යූදා පුත්‍රයින් වූ දානියෙල්, හනනියා, මිෂායෙල් හා අසරියා ද වූහ. ප්‍රධාන නිලධාරී ඔවුනට අලුත් නම් තැබී ය: දානියෙල්ට බේල්ටෙෂසර් ද හනනියාට ෂද්‍රක් ද මිෂායෙල්ට මේෂක් ද අසරියාට අබේද්-නෙගෝ ද යන වශයෙනි. එහෙත් දානියෙල්, රාජ භෝජනයෙන් හා රජුගේ මිදි යුෂවලින් තමා අපවිත්‍ර කර නො ගැනීමට අධිෂ්ඨාන කර ගත්තේ ය. එබැවින් එසේ අපවිත්‍ර නො වී සිටීමට ප්‍රධාන නිලධාරියාගෙන් ඔහු අවසර ඉල්ලී ය. ප්‍රධාන නිලධාරී වෙතින් ප්‍රසාදයත්, අනුකම්පාවත් දානියෙල්ට ලැබෙන්නට දෙවියන්වහන්සේ සැලසූ සේක. එහෙත් දානියෙල් ඇමතූ ප්‍රධාන නිලධාරී, “ඔබගේ ආහාරත්, පානත් නියම කළ මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ට මම භය ඇත්තෙමි. ඔබේ වයසේ සෙසු තරුණයින්ට වඩා ඔබ වැහැරී සිටිනු ඔහු දැකිය යුත්තේ ඇයි? එසේ වුවහොත් රජු, ඔබ නිසා මගේ හිස ගනු ඇතැ” යි පැවසී ය. පසුව දානියෙල්, හනනියා, මිෂායෙල් හා අසරියා සම්බන්ධ ව ප්‍රධාන නිලධාරී විසින් පත් කරන ලද භාරකාර නිලධාරී ඇමතූ දානියෙල්, “කරුණාකර, ඔබේ සේවක අප දහ දවසක් පරීක්ෂා කර බලන්න; අපට ආහාර වශයෙන් එළවළුත්, පානයට වතුරත් පමණක් දෙන්න. ඉන්පසු අපගේ ස්වභාව, රාජ භෝජන වළඳන තරුණයින්ගේ ස්වභාව හා සසඳා බලා, ඔබට පෙනෙන දේට අනුකූලව අප ගැන කටයුතු කරන්නැ” යි ඉල්ලී ය. එබැවින් ඊට එකඟ වූ ඔහු දහ දවසක් ඔවුන් පරීක්ෂා කළේ ය. දස දවස කෙළවරදී මොවුන්, රාජ භෝජන වැළඳූ අන් කවර තරුණයකුටත් වඩා සෞඛ්‍ය සම්පන්න ව පුෂ්ටිමත් ව සිටිනු පෙනිණි.
දානියෙල් 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: දානියෙල් 1:4-15
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ