දානියෙල් 1:18-20

දානියෙල් 1:18-20 SCV

ඔවුන් කැඳවීමට රජු නියම කළ කාලය සම්පූර්ණ වූ කල, ප්‍රධාන නිලධාරී ඔවුන් නෙබුකද්නෙසර් ඉදිරියට පැමිණ වී ය. රජු ඔවුන් සමඟ කතා බහ කළේ ය. ඔවුන් සියල්ලන් අතරේ දානියෙල් ද හනනියා ද මිෂායෙල් ද අසරියා ද හා සමාන කිසිවකුත් හමු වූයේ නැත. එබැවින් ඔවුහු රජු ඉදිරියෙහි වූහ. ප්‍රඥාව හා අවබෝධය පිළිබඳව රජු ප්‍රශ්න කළ හැම කරුණකදී ම ඔහුගේ රාජධානියේ වූ සියලු ඉන්ද්‍රජාලිකයින්ට හා මන්ත්‍රකරුවනට වඩා දස ගුණයක් ඔවුන් සමත් බැව් රජු දැනගත්තේ ය.