එබැවින්, දෙවියන්වහන්සේ තෝරාගත් ශුද්ධ වූත්, ප්‍රේමණීය වූත් ජනයා වන ඔබ, අනුකම්පාව ද කරුණාව ද නිහතමානීත්වය ද මොළොක් ගුණය ද ඉවසිලිවන්තකම ද පැලඳ ගන්න. එකිනෙකා ගැන ඉවසීමෙන් කටයුතු කරන්න; යම් කෙනකුට එරෙහිව තවත් කෙනකුට යම් පැමිණිල්ලක් ඇතත්, එකිනෙකාට සමාව දෙමින්, ස්වාමින්වහන්සේ ඔබට කමා කළ අයුරින් ඔබත් කමා වන්න. මේ සියලු දෑ පිරිපුන් එකමුතුවකින් එකට බඳවන ප්‍රේමය, ඒ සියල්ලට ඉහළින් පැලඳ ගන්න. එක ම සිරුරක් තුළ ඔබ කැඳවනු ලැබ ඇත්තේ සාමයට බැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ සාමය ඔබ හදවත්හි රජකම් කෙරේවා! ස්තූතිවන්ත ව ද සිටින්න. ක්‍රිස්තුස්වහන්සේගේ වචනය සියලු ප්‍රඥාවෙන් යුතු ව ඉසුරුමත් ව ඔබ තුළ වාසය කෙරේවා! ගීතාවලී කාව්‍ය, ගීතිකා හා ආත්මික ගී තුළින් ඔබ එකිනෙකාට උගන්වමින් හා ගුරුහරුකම් දෙමින් දෙවියන්වහන්සේට ස්තුති පිරි හදවතින් යුතු ව ගායනා කරන්න. කතාවෙන් හෝ ක්‍රියාවෙන් හෝ ඔබ කරන කවර දේ වුව, යේසුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන්, උන්වහන්සේ තුළින් පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේට තුති පුදමින් කරන්න. භාර්යාවනි, ස්වාමින්වහන්සේ තුළ ඔබින පරිදි ඔබගේ පුරුෂයනට යටත් වන්න. පුරුෂයිනි, ඔබගේ භාර්යාවනට ප්‍රේම කරන්න; ඔවුනට රළු-පරුෂ නො වන්න. දරුවනි, සියල්ලේදී ඔබේ මව් පියනට කීකරු වන්න. මන්ද එය ස්වාමින්වහන්සේ ප්‍රසන්න කරවයි. පියවරුනි, ඔබේ දරුවන් කෝප නො කරන්න. කළහොත් ඔවුන් කලකිරෙනු ඇත. දාසයිනි, සියල්ලේදී ඔබේ භූමික හාම්පුතුනට කීකරු වන්න. ඔවුන් ඔබ දෙස ඇස ගසා සිටියදී පමණක් ඔවුන්ගේ සිත් දිනාගනු පිණිස නො ව, අවංක හදවතින් ද ස්වාමින්වහන්සේට ගෞරව භය දැක්වීමක් වශයෙන් ද එසේ කරන්න. කරන කවර කටයුත්තක් වුව, මිනිසුනට නො ව ස්වාමින්වහන්සේට කරන මෙහෙයකැයි සලකා සිතේ මුළු කැමැත්තෙන් එහි නිරත විය යුත්තේ, ත්‍යාගයක් වන උරුමයක් ස්වාමින්වහන්සේ වෙතින් ඔබට ලැබෙන වග ඔබ දන්නා බැවිනි. ඔබ සේවය කරන්නේ ක්‍රිස්තුස් නම් ස්වාමියාණන්ට ය.
කොලොස්සි 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: කොලොස්සි 3:12-24
3 Days
The battle between choosing God or choosing self begins the moment we wake up in the morning. This plan provides a simple step to help us choose each day to trust, follow, and serve the Lord.
Have you felt cut back recently? Pruned? Pieces of you taken away? These audio-guided meditations will help you understand why God often seems to prune us back even in the cold winter days of our life. And remember that His pruning will soon result in you bearing more fruit, and even richer and finer fruit, soon and for His glory.
Kindness is one of those things that the world needs more of, isn't it? And God has called you to be His ambassador of goodness and kindness to others. Through this plan, you'll be inspired and challenged to let God's kindness flow from your heart, actions and words to everyone around you.
3 days
Jesus’ victory over death means so much for you personally. Read this reading plan to find out more!
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ