කොලොස්සි 1:19-22

කොලොස්සි 1:19-22 SCV

මන්ද දෙවියන්වහන්සේගේ ප්‍රිය මනාපය වූයේ, ස්වකීය දේවත්වය ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ ව පැවතීමත්, පොළොව පිට ඇති දෑ වේවා, ස්වර්ගයෙහි ඇති දෑ වේවා, ඒ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ වගුළ ලෙය හේතු කොට, සාමය සැලසීමෙන්, උන්වහන්සේ මගින් සියලු දේ ම තමන්වහන්සේට සමඟි කර ගැනීමත් ය. කලක් ඔබත් දෙවියන්වහන්සේට පිටස්තරයින් ව, නපුර කිරීමෙන් ඔබේ සිතින් උන්වහන්සේගේ සතුරන් ව සිටියහ. එහෙත් දැන් ක්‍රිස්තුස්වහන්සේගේ මාංසික ශරීරයේ මරණය මගින් දෙවියන්වහන්සේ, තමන්වහන්සේ සමඟ ඔබ සමඟි කර ගෙන ඇත්තේ, තමන්වහන්සේගේ ඇස් හමුවේ ඔබ ශුද්ධ ව, නො කැළැල් ව, නිදොස් ව පිළිගැන්වෙනු පිණිස ය.