කොලොස්සි 1:13-20

කොලොස්සි 1:13-20 SCV

මන්ද අන්ධකාරයේ ආධිපත්‍යයෙන් අප මුදා ගෙන, ස්වකීය ප්‍රේමණීය පුතණුවන්ගේ රාජ්‍යයට අප ඇතුල්කර ගත්තේ උන්වහන්සේ ය. අපගේ මිදීම වන අපගේ පාපවලට කමාව අපට ඇත්තේ එම පුත්‍රයාණන් තුළ ය. අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපය වන උන්වහන්සේ, සකල මැවිල්ලේ කුලුඳුලාණන් ය; මන්ද සියල්ල ම මවන ලද්දේ උන්වහන්සේ මගිනි; ස්වර්ගය තුළ ද පොළොව පිට ද ඇති දෑ, දෘශ්‍යමාන මෙන් ම අදෘශ්‍යමාන දෑ, සිංහාසන වේවා, පරාක්‍රම වේවා, පාලකයින් හෝ බලධාරීන් වේවා, සියල්ල මවන ලද්දේ උන්වහන්සේ මගිනි. උන්වහන්සේ වෙනුවෙනි. සෑම මැවිල්ලකට ම පූර්වයෙන් උන්වහන්සේ සිටින සේක. මවන ලද සියලු දේ උන්වහන්සේ තුළ එකට එක් ව පවතී. සභාව වන ශරීරයේ හිස උන්වහන්සේ ය. මූලාරම්භය උන්වහන්සේ ය. මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණෝ උන්වහන්සේ ය. මෙසේ, සියලු දේහි ප්‍රමුඛ ශ්‍රේෂ්ඨත්වය උන්වහන්සේ සතු ය. මන්ද දෙවියන්වහන්සේගේ ප්‍රිය මනාපය වූයේ, ස්වකීය දේවත්වය ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ ව පැවතීමත්, පොළොව පිට ඇති දෑ වේවා, ස්වර්ගයෙහි ඇති දෑ වේවා, ඒ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ වගුළ ලෙය හේතු කොට, සාමය සැලසීමෙන්, උන්වහන්සේ මගින් සියලු දේ ම තමන්වහන්සේට සමඟි කර ගැනීමත් ය.