ආමෝස් 8:7-10

ආමෝස් 8:7-10 SCV

ස්වාමින්වහන්සේ, යාකොබ්ගේ අභිමානය වන තමන් ගැන ම දිවුළ සේක්: “ඔවුන් කර ඇති කිසිවක්, කිසි විට මම අමතක නො කරමි. “මෙනිසා දේශයේ පොළොව සලිත නො වී තියේ ද? එහි වෙසෙන සියල්ලන් නො වැලපී සිටී ද? එවිට එහි ඇති සියල්ල නයිල් ජලය සේ ඉහළ නැග, කලඹනු ලැබ, ඊජිප්තු ගංගාව සේ යළි ගිලා බසිනු ඇතැ” යි පැවසූ සේක. පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “ඒ දවසේ, මම මද්දහනට හිරු බැස යන්නට සලස්වා, මහ දහවල ම පොළොව අන්ධකාර කරවන්නෙමි. මම, නුඹලාගේ ආගමික මංගල්‍ය ශෝකවීමකට ද නුඹලාගේ ගීතිකා වැලපීමකට ද හරවන්නෙමි. නුඹලා සියල්ලන්ගේ ඉණට ගෝණි රෙදි හඳවා, හැම හිසක් ම මුඩුකරවන්නෙමි. එය එක ම පුතු ගැන වැලපෙන කාලයක් සේ වන්නට සලසමි. එහි කෙළවර දුක්ඛිත දවසක් මෙන් වන්නේ ය.

මෙයට අදාළ වීඩියෝ

ආමෝස් 8:7-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය