ඔබ ජීවත් වන පිණිස යහපත කරන්න. නපුර නො වේ. එවිට, ඔබ කියා ඇති පරිදි, සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක. නපුරට වෛර කරන්න; යහපතට ප්‍රේම වන්න. පුර දොරටු අධිකරණයේදී යුක්තිය ස්ථාපන කරන්න. එවිට, සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යෝසෙප් වංශික ඉතිරි ස්වල්ප දෙනාට දයාන්විත වන සේක. එබැවින්, ස්වාමි වූ සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: “හැම එළිමහන් පිටියක ම අඳෝනා නැගෙනු ඇත; හැම වීදියක ම අහෝ! අහෝ! යයි කියනු ලබන්නේ ය. ශෝක වන පිණිස ගොවීන් ද ලතෝනි දීමට කුලියට හඬන ශිල්පීන් ද කැඳවනු ලබනු ඇත. හැම මිදි වත්තක ම අඳෝනා නැගේ; මන්ද, මම ඔබ මධ්‍යයේ ඔබ පසු කර යන්නෙමි” යි ස්වාමින්වහන්සේ පවසන සේක. ස්වාමින්වහන්සේගේ ස්වාමින්වහන්සේගේ දවස ගැන දැඩි ආශාවෙන් සිටින අයට දුක් වේ! ඔබ ස්වාමින්වහන්සේගේ දවස බලා සිටින්නේ ඇයි? එය අන්ධකාරය ය. ආලෝකය නො වේ. ඒ දවස, සිංහයකුගෙන් බේරෙන්නට දුවන මිනිසාට වලසකු හමුවන්නා වැනි ය. තම නිවසට පිවිසෙන මිනිසා ගෙදර බිත්තියට අත තැබූ කල, සර්පයකු දෂ්ට කරන්නා වැනි ය. ස්වාමින්වහන්සේගේ දවස අන්ධකාරය ම නො වන්නේ ද? එය ආලෝකය නො වේ. එක් බිඳකුදු දීප්තියක් නැති කළුවර ම ය. “නුඹලාගේ ආගමික මංගල්‍යවලට මම ද්වේෂ කරමි; ඒවා නීච කොට සලකමි. නුඹලාගේ එක් රැස්වීම් මට රුස්සන්නේ නැත. ඔබ මට දවන යාග පූජා ගෙනෙතත්, ධාන්‍ය පූජා ගෙනෙතත්, මම ඒවා නො පිළිගන්නෙමි. ශාන්ති පූජා සඳහා තර කළ සතුන් ගෙනෙතත්, මම ඒ දෙසවත් නො බලමි. ඔබේ ගීත කරච්චලය නවත්වන්න. ඔබේ වීණා සංගීතයට මම සවන් නො දෙන්නෙමි. එහෙත් යුක්තිය ගංගාවක් සේ ද දමිටුකම සදා නො සිඳෙන දිය දහරක් සේ ද ගලා යේවා! “පුරා හතළිස් වසරක් පාළුකරයේදී නුඹලා මා වෙත යාග හා පූජා ගෙන ආවා ද, එම්බා ඉශ්රායෙල් වංශිකයිනි? නුඹලා, නුඹලාගේ රජුන්ගේ ධාතුකරඬු ද නුඹලා උදෙසා නුඹලා ම තනා ගත් නුඹලාගේ දේව පිළිමත්, නුඹලාගේ දෙවියන්ගේ තාරකාවත් ඔසවා ගත්තහු ය. එබැවින්, මම දමස්කය පුරයෙනුත් එපිටට නුඹලා රටින් පිට මං කර දමන්නෙමි” යි සේනාංකවල දෙවියන්වහන්සේ යන නාමය ඇති ස්වාමින්වහන්සේ පවසන සේක.
ආමෝස් 5 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ආමෝස් 5:14-27
4 Days
So much about our work has changed and will continue to change in the aftermath of the COVID-19 pandemic. How should Christ-followers be thinking differently about these changes? That’s the question I invite you to think through with me in this four-day plan.
5 Days
Did you know that when you show love and consideration to the broken and forgotten, you're also showing it to God himself? Discover God's heart for those we might overlook and how we can grow in our capacity to serve them in this 5-day Bible Reading Plan.
7 Days
The phrase “The day of the Lord” appears many times in the Bible. For the writers of the Bible, the expectation of this day played an important part in the way they lived their lives. In this plan, we will discover how the meaning of this phrase can shape our life and view of God. We will learn the importance of living our life in expectation of this day.
8 Days
Sometimes we need a recalibration, a re-alignment in our relationship with God. We believe that right now God wants to recalibrate his people into fresh, authentic and real relationship with Him. Come on the journey with us here with this devotional, and also with our partner podcast 'generation ministries' wherever you get your podcasts.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ