ආමෝස් 2:1-8

ආමෝස් 2:1-8 SCV

ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “මෝවබ්ගේ අපරාධ තුනක් සහ හතරක් නිසා, මම දඬුවම අහෝසි නො කරමි. මන්ද, ඒදොම් රජුගේ ඇටකටු හුණු බවට පත් වන තුරු, ඔවුන් ඒවා දවා දැමූ බැවිනි. මෝවබ් දේශය පිට මම ගිනි බස්ස වන්නෙමි. කෙරියොත්හි බළකොටු එයින් ගිල දැමේ. යුද්ධ-ගෝරනාඩු හා යුද්ධ හොරණෑ නාදය මැද්දේ, මහ කෝලාහල අතරේ මෝවබ් මැරී යනු ඇත. මම එහි පාලකයා සිඳ දමන්නෙමි; ඔහු සමඟ ඔහුගේ සියලු අධිපතීන් ද මරා දමන්නෙමි” යි ස්වාමින්වහන්සේ පවසන සේක. ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “යූදාගේ අපරාධ තුනක් සහ හතරක් නිසා, මම දඬුවම අහෝසි නො කරමි. මන්ද, ඔවුන් ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කොට, උන්වහන්සේගේ නියෝගයන්හි නො පැවතුණු බැවිනි; ඔවුන්ගේ පියවරුන් අනුගමනය කළ බොරු දෙවිවරුන් විසින් ඔවුන් ද නොමග යවා ඇත. යූදා පිට මම ගිනි බස්ස වන්නෙමි; යෙරුසලමේ බළකොටු එයින් ගිල දැමේ.” ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ඉශ්‍රායෙලයේ අපරාධ තුනක් සහ හතරක් නිසා, මම දඬුවම අහෝසි නො කරමි. මන්ද ඔවුහු ධර්මිෂ්ඨයින් රිදීවලට විකුණති; පාවහන් සඟලක් නිසා දුප්පතුන් විකුණති. ඔවුහු පොළොවේ දූලි පාගන්නා සේ, දුප්පතුන්ගේ හිස්-ගෙඩි පාගති; පීඩිතවූවන්ගෙන් යුක්තිය වළකති. පිය-පුතු දෙදෙනා ම එක කෙල්ලක වෙත එළැඹ, මගේ ශුද්ධ නාමය කෙලෙසති. උගසට ගත් වස්ත්‍ර එළාගෙන, ඔවුන් හැම පූජාසනයක් පසෙක ම දිගා වන්නේ ය; දඩ වශයෙන් ලබා ගත් මිදි යුෂ තම දෙවියන්ගේ ගෘහයේදී පානය කරන්නේ ය.

මෙයට අදාළ වීඩියෝ