ක්‍රියා 8:5-14

ක්‍රියා 8:5-14 SCV

සමාරියේ නගරයකට ගිය පිලිප්, එහි ජනයාට ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කළේ ය. පිලිප් කී දෑ ඇසූ, ඔහු කළ හාස්කම් දුටු සමූහයා, ඔහු පැවසූ දෑට එකාවන් ව අවධානය යොමු කළහ. මර හඬ නගමින්, අශුද්ධාත්ම ඔවුන් ආවේශ ව සිටි බොහෝ දෙනකුගෙන් දුරුව ගියහ. අංසබාග රෝගීහු ද කොරු ද බොහෝ දෙනෙක් සුව කරන ලදහ. එබැවින් ඒ නගරයේ මහා ප්‍රීතියක් හට ගැනිණි. කලක් මන්තර විජ්ජා මගින් මුළු සමාරි ජනයා විස්මපත් කළ සීමොන් නම් මිනිසෙක් මේ නගරයේ විසී ය. තමා මහ උත්තමයෙකැයි ඔහු තමන් ගැන ම පුරසාරම් දෙඩී ය. ඒ නගරයේ විසූ උස් පහත් සැවොම ඔහුට ගරු සැලකිලි දක්වමින්, “ ‘ප්‍රභූ’ නම් දෙවියන්ගේ බලය මොහු යැ” යි පැවසූහ. ඔවුන්, ඔහුට ගරු සැලකිලි දැක්වූයේ බොහෝ කලක් ම මන්තර විජ්ජා මගින් ඔහු ජනයා පුදුමයට පත් කළ බැවිනි. එහෙත් පිලිප් දෙවියන්වහන්සේගේ රාජ්‍යය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගැන ශුභාරංචිය දේශනා කළ විට, ඔවුහු ඔහු විශ්වාස කළහ; ගැහැණු හා පිරිමි දෙගොල්ල ම බව්තීස්ම කරන ලදහ. සීමොන් ද විශ්වාස කර, බව්තීස්ම කරනු ලැබී ය. පිලිප් යන යන තැන ඔහු පසු පස ගිය හෙතෙම, පිලිප් දැක් වූ බලවත් ලකුණු හා හාස්කම් දකිමින් විස්මපත් වූයේ ය. සමාරියයන් දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් වග, යෙරුසලමේ අපෝස්තුලුවරුනට සැල වූ කල, ඔවුහු පේතෘස් හා යොහන් ඔවුන් වෙත පිටත් කළහ.