ක්‍රියා 7:2-5

ක්‍රියා 7:2-5 SCV

ස්තේපන් මෙසේ පිළිතුරු දෙන්නට වන්නේ ය: “සහෝදරයිනි, පියවරුනි, මට සවන් දෙන්න. අප ආදි පිය වූ ආබ්‍රහම්, හාරාන්හි විසීමට පෙර, මෙසපොතාමියාවේ සිටියදී, තේජසේ දෙවියන්වහන්සේ ඔහුට පෙනී, ‘ඔබේ දේශය ද ඔබේ නෑයින් ද අත්හැර, මා ඔබට පෙන්වන දේශයට යන්නැ’ යි පැවසූ සේක. “එබැවින් ඔහු කල්දිවරුන්ගේ දේශයෙන් පිට වී ගොස්, හාරාන්හි පදිංචි විය. ඔහුගේ පියාගේ මරණයෙන් පසු, දැන් ඔබ වෙසෙන මේ දේශයට දෙවියන්වහන්සේ ඔහු ගෙනා සේක. උන්වහන්සේ මෙහි කිසි උරුමයක් ඔහුට දුන්නේ නැත. බිම් අඩියක්වත් දුන්නේ නැත. එහෙත් මේ දේශය ඔහුටත්, ඔහුගෙන් පසු, ඔහුගේ දරු පරපුරටත් හිමි කොට දෙන බවට උන්වහන්සේ පොරොන්දු වූයේ, ඒ වන විටත් ආබ්‍රහම් දරුවකු නො ලැබ සිටියදී ය.