ක්‍රියා 4:27-31

ක්‍රියා 4:27-31 SCV

ඇත්තෙන් ම ඔබවහන්සේගේ ආලේපය ලද ඔබවහන්සේගේ ශුද්ධ සේවක යේසුස්වහන්සේට එරෙහිව කුමන්ත්‍රණ කිරීමට හෙරෝද් හා පොන්තියුස් පිලාත්, අන්‍ය-ජාතීන් හා ඉශ්‍රායෙල් ජනයා සමඟ මේ නගරයේදී එක් රැස් වී ඇත. ඔවුන් කර ඇත්තේ, ඔබවහන්සේගේ බලය හා අභිප්‍රාය පරිදි මතු සිදු විය යුතු බවට ඉහතදී ඔබවහන්සේ නියම කළ ලෙසයි. අහෝ ස්වාමින්වහන්ස, දැන් ඔවුන්ගේ තර්ජන ගැන බලා, ඔබවහන්සේගේ වචනය මහා නිර්භීතකමින් කතා කරන්නට ඔබවහන්සේගේ දාසයින් වූ අපට වර දුන මැනව. ඔබවහන්සේගේ ශුද්ධ සේවක යේසුස්වහන්සේගේ නාමයෙන් සුව කිරීමට ද විස්මිත ලකුණු හා හාස්කම් දැක්වීමට ද ඔබවහන්සේගේ හස්තය දිගු කළ මැනව” යි කීහ. එසේ යාච්ඤා කර නිම වූ කල, ඔවුන් එක් රැස් ව සිටි ස්ථානය දෙදරුම් කෑවේ ය. ඔවුහු සියල්ලෝ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලැබ, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ව කතා කළෝ ය.