පේතෘස් ඒ දැක ජනයා අමතමින්, “ඉශ්‍රායෙල් මිනිසුනි, මේ ගැන ඔතරම් පුදුමයෙන් මොකද? අපේ ම බලයෙන් හෝ භක්තිවන්තකමින් අප මේ මිනිසා ඇවිදින්නට සැලසුවා සේ අප දෙස ඇස් දල්වා බලා ඉන්නේ මොකද? ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ වන අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, ස්වකීය සේවක යේසුස්වහන්සේ තේජෝමහිමයට පැමිණ වූ සේක. ඔබ පිලාත් අතට එතුමන් භාර දුන් විට පිලාත් එතුමන් නිදහස් කරන්නට තීරණය කළත්, ඔබ කළේ ඔහු ඉදිරිපිටදී එතුමන් ප්‍රතික්ෂේප කිරීමයි. ඔබ කළේ පාරිශුද්ධ, ධර්මිෂ්ඨ තැනැත්තාණන් ප්‍රතික්ෂේප කර, මිනී මරුවකු ඔබට නිදහස් කර දෙන මෙන් ඉල්ලා සිටීමයි. මෙසේ ඔබ ජීවනයේ නිර්මාතෘවරයාණන් මරණයට පත් කළ ද, දෙවියන්වහන්සේ එතුමාණන් මළවුන්ගෙන් නැගිට වූ සේක. අපි ඊට සාක්ෂිකරුවෝයි. දැන් ඔබ දකින, ඔබ හඳුනන මේ මිනිසා සවිමත් ව සිටින්නේ, උන්වහන්සේගේ නාමයෙන් සහ ඒ නාමය තුළ ඇදහීමෙනුයි. ඔබ හැමගේ ඇස් ඉදිරිපිට මේ මිනිසා සම්පූර්ණ සුවය ලැබ ඇත්තේ යේසුස්වහන්සේගේ නාමය තුළ ඇදහීම මගිනි. “මම දනිමි, සහෝදරවරුනි, ඔබේ නායකයින් මෙන් ම ඔබත් ක්‍රියා කර ඇත්තේ නො දැනුවත්කමින්. එනමුත් ස්වකීය සියලු දිවැසිවරුන්ගේ මුවින් දෙවියන්වහන්සේ පෙර පවසන ලද පරිදි, උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ දුක් පීඩා විඳිය යුතු ය යන අනාවැකිය උන්වහන්සේ සම්පූර්ණ කළේ එලෙසයි. එබැවින් පසුතැවිලි වී, හැරෙන්න. ඔබේ පාප අතු ගා දැමෙන පිණිසත්, නව ප්‍රබෝධවත් කාලයක් ස්වාමින්වහන්සේ වෙතින් උදා වන පිණිසත්
ක්‍රියා 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ක්‍රියා 3:12-19
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ