ක්‍රියා 24:14-16

ක්‍රියා 24:14-16 SCV

කෙසේ වුව ද නිකායකැයි ඔවුන් හඳුන්වන මෙම ධර්ම-මාර්ගයේ අනුගාමිකයකු වශයෙන් මම, අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේට නමස්කාර කරන්නෙක් වග පිළිගනිමි. එසේ ම ව්‍යවස්ථාවට අදාළ හැම දෙයක් ගැනත්, දිවැස්වැකිවල සඳහන් දෑ ගැනත් මම විශ්වාස කරමි. තවද ධර්මිෂ්ඨයින් හා අධර්මිෂ්ඨයින් යන දෙගොල්ලන්ගේ ම නැවත නැගිටීමක් ඇතැයි දෙවියන්වහන්සේ තුළ මොවුන්ට ඇති බලාපොරොත්තුව ම මට ද ඇත. එබැවින් දෙවියන්වහන්සේ හා මිනිසුන් ඉදිරියේ පිරිසිදු හෘද සාක්ෂියකින් සිටින්නට සැම විට පරිශ්‍රම දරමි.