ක්‍රියා 23:1-3
ක්‍රියා 23:1-3 SCV
මන්ත්‍රණ සභාව වෙත තියුණු බැල්මක් හෙළූ පාවුල්, “සහෝදරවරුනි, මේ අද දවස දක්වා දෙවියන්වහන්සේට මුළුමනින් ම නිදොස් හෘද සාක්ෂියකින් මම දිවි ගෙව්වෙමි” යි පැවසී ය. එවිට උත්තම පූජක අනනියස්, පාවුල්ගේ කටට ගසන ලෙස ඔහු ළඟ සිටියවුනට අණ කළේ ය. එකල ඔහු ඇමතූ පාවුල්, “සුදු හුණු ගෑ බිත්තියක් වැනි ඔබට දෙවියන්වහන්සේ පහර දෙනු ඇත. ව්‍යවස්ථාව අනුව මා විනිශ්චය කරන්නට හිඳ, නුඹ ම ඒ ව්‍යවස්ථාව ම කඩ කරමින්, මට ගසන්නට අණ දෙනවා දැ?” යි ඇසී ය.

