ක්‍රියා 21:3-6

ක්‍රියා 21:3-6 SCV

සයිප්‍රසය පෙනෙනා මානයට පැමිණි පසු, එය වම් පසින් තිබෙන සේ යාත්‍රා කරමින්, අපි සිරියා වෙත ළඟා වී, තීර් වරායෙන් ගොඩ බැස්සෙමු. එහිදී නැවෙහි බඩු ගොඩ බෑමට නියමිත ව තිබිණි. එබැවින් අපි තීර්හි ගෝලයින් සොයා ගොස්, හත් දවසක් එහි ඔවුන් හා ගත කළෙමු. ශුද්ධාත්මයාණන් විසින් දන්වනු ලැබ, යෙරුසලමට නො යන ලෙස ඔවුහු පාවුල්ට ඇවිටිලි කළහ. එහෙත් අප යා යුතු කාලය පැමිණි විට අපි එතැනින් පිටත් ව, යළි ගමන් ඇරඹීමු. ගෝලයෝ සැවොම තම භාර්යාවන් හා දරුවන් කැටිව නගර සීමාවෙන් පිටතට එන තුරු අප හා ආහ. අපි වෙරළේ දණින් හිඳ, යාච්ඤා කර, අපි එකිනෙකාගෙන් සමුගෙන, නැවට නැගුණෙමු. ඔවුහු ද නිවෙස් බලා ගියහ.