ක්‍රියා 19:4-5

ක්‍රියා 19:4-5 SCV

එවිට පාවුල්, “යොහන්ගේ බව්තීස්මය පසුතැවිල්ලේ බව්තීස්මයකි. ඔහු ජනතාවට කීවේ තමාට පසුව එන තැනැත්තාණන් අදහා ගන්නා ලෙසයි. ඒ යේසුස්වහන්සේ යැ” යි පැවසී ය. ඒ ඇසූ ඔවුහු යේසුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම කරන ලදහ.