මෙම ප්රශ්නය සමාලෝචනය කරනු පිණිස, අපෝස්තුලුවරු හා සභා-මූලිකයෝ එක් රැස් වූහ. දිගු විවාදයකින් පසු පේතෘස් ඔවුන් අමතන්නට නැගී සිටියේ ය. “සහෝදරවරුනි අන්‍ය-ජාතීන් මා මුවින් ශුභාරංචි පණිවුඩය අසා අදහා ගනු පිණිස, දෙවියන්වහන්සේ කලකට ඉහතදී ඔබ අතරින් මා තෝරාගත් හැටි ඔබ දන්නවා. හදවත් දන්නා දෙවියන්වහන්සේ අපට දුන් ලෙස ම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දීමෙන් සාක්ෂි දී ඇත්තේ, උන්වහන්සේ ඔවුන් ද පිළිගත් බවයි. ඔවුන් හා අප අතරේ කිසිදු වෙනසක් නො කළ උන්වහන්සේ ඇදහිල්ල මගින් ඔවුන්ගේ හදවත් පවිත්‍ර කළ සේක. එසේ නම් අපටවත්, අපේ පියවරුනටවත් දැරිය නො හැකි වූ බර වියගහක් මේ ගෝලයින්ගේ ගෙල මත පැටවීමෙන් දෙවියන්වහන්සේ පරීක්ෂා කිරීමට ඔබ වෙර දරන්නේ ඇයි? ඇත්තෙන් ම, අප විශ්වාස කරන්නේ, ඔවුන් මෙන් ම අපත් ගලවනු ලැබ ඇත්තේ යේසුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය තුළින් වගයි” ප්‍රකාශ කළේ ය. දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන් අතරේ තමන් ලවා සිදු කළ අනුහස් ලකුණු හා හාස්කම් ගැන පවසද්දී, මුළු සභාව නිහැඬියාවෙන් යුතු ව බාර්ණබස්ට හා පාවුල්ට සවන් දුන්හ. ඔවුන්ගේ කතාව නිම වූ පසු, යාකොබ් සභාව අමතන්නට වන්නේ ය. “සහෝදරවරුනි, මට සවන් දෙන්න; දෙවියන්වහන්සේ ස්වකීය නාමයට අන්‍ය-ජාතිකයින් අතරින් ජනතාවක් පළමු කොට තෝරාගත් හැටි සීමොන් අපට විස්තර කළා. දිවැසිවරුන්ගේ වචන ඊට එකඟයි. ලියා ඇති පරිදි: “ ‘එයින් පසු මම ආපසු ඇවිත්, දාවිත්ගේ ගරා වැටුණු කූඩාරම යළි පිහිටු වන්නෙමි. එහි නටබුන් යළි ගොඩ නගා, මම එය පිළිසකර කරමි. එසේ කරන්නේ, මිනිසුන්ගේ ඉතිරි ස්වල්ප දෙනා ද සියලු අන්‍ය-ජාතීන් අතර මගේ නාමය දරන්නන් ද ස්වාමින්වහන්සේ සොයන පිණිස යයි ඉහත අනාදියේ පටන් මේ සියල්ල ගැන දන්වන්නා වූ ස්වාමින්වහන්සේ පවසන්නාහ’ යනුයි. “එබැවින් මගේ තීන්දුව නම්, දෙවියන්වහන්සේ වෙත හැරෙන අන්‍ය-ජාතීන් හට අසීරුතා ඇති නො කළ යුතු බවයි. ඒ වෙනුවට, පිළිමවලට පිදූ ආහාරවලින් ද ලිංගික අනාචාරයෙන් ද ගෙල මිරිකා මැරූ සතුන්ගේ මසින් ද ලෙයින් ද වැළකී සිටිය යුතු ය යන්න අපි ඔවුන්ට මෙසේ ලියා යැවිය යුතුයි. මන්ද මෝසෙස්ගේ නියෝග ආදි පරම්පරාවල සිට ම හැම නගරයක ම දේශනා කෙරේ. හැම සබත් දවසක ම ඒවා සිනගෝගවලදී කියවනු ලැබේ යැ” යි පැවසී ය.
ක්‍රියා 15 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ක්‍රියා 15:6-21
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ