ක්‍රියා 14:19-23

ක්‍රියා 14:19-23 SCV

එකල අන්තියෝකියෙන් හා ඉකෝනියෙන් පැමිණි යුදෙව්වරුන් ඇතැම් දෙනෙක් ජනයා තම පැත්තට නම්මාගෙන, පාවුල්ට ගල් ගැසූහ. පසුව, ඔහු මළේයැයි සිතූ ඔවුහු, නගරයෙන් පිටතට ඔහු ඇද දැමූහ. එහෙත් ගෝලයින් පැමිණ, ඔහු වට කොට ගත් කළ, යළි නැගී සිටි පාවුල් ආපසු නගරයට අවුත්, පසුව දා බාර්ණබස් සමඟ දර්බය බලා පිටත් විය. ඒ නගරයේ ශුභාරංචිය දේශනා කළ ඔවුහු, බොහෝ දෙනකු ගෝලයින් බවට හැරවූහ. ඉන්පසු ලුස්ත්‍රා, ඉකෝනිය හා අන්තියෝකිය වෙත හැරී ආ ඔවුහු, ගෝලයින්ගේ සිත් සවිමත් කරමින්, ඇදහිල්ලේ ස්ථිර ව පවතින්නට ඔවුන් දිරිමත් කළහ. “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට අප මහත් දුෂ්කරතා මැදින් යා යුතු ව ඇතැ” යි ඔවුහු කීහ. එක් එක් සභාව සඳහා සභා-මූලිකයින් පත් කළ පාවුල් හා බාර්ණබස්, නිරාහාර ව සිට, යාච්ඤා කොට තමන් විශ්වාසය තැබූ ස්වාමින්වහන්සේට ඔවුන් භාර කළහ.