ක්‍රියා 10:40-43

ක්‍රියා 10:40-43 SCV

එහෙත් දෙවියන්වහන්සේ තුන් වන දවසේ උන්වහන්සේ නැගිටුවා, දර්ශන වන්නට සැලසූ සේක. හැම දෙනාට ම නො වේ; පෙනුණේ ඒ වන විට දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද සාක්ෂිකරුවන්වූත්, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු, උන්වහන්සේ සමඟ කෑවා වූ, බීවා වූ අපට ය. ජීවතුන්ගේ ද මළවුන්ගේ ද විනිසුරුවාණන් වශයෙන් දෙවියන්වහන්සේ විසින් පත් කරන ලද තැනැත්තාණෝ උන්වහන්සේ ම බවට ජනයාට ප්‍රකාශ කරන්නටත්, සාක්ෂි දරන්නටත් උන්වහන්සේ අපට අණ කළ සේක. සියලු දිවැසිවරුන් සාක්ෂි දරා ඇත්තේ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුට ම උන්වහන්සේගේ නාමය තුළින් පාප කමාව ලැබෙන වග යැ” යි පැවසී ය.

ක්‍රියා 10:40-43 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය