2 තිමෝති 2:15-19
2 තිමෝති 2:15-19 SCV
සත්‍යතාවේ වචනය නිවැරදි ව හසුරුවන්න. ලජ්ජා වීමට කිසි හේතුවක් නැති වැඩකරුවකු සේ, පිළිගැනුණු කෙනකු සේ ඔබ, දෙවියන්වහන්සේට පිදෙන්නට වඩාත් උත්සාහ කරන්න. අභක්තික හිස් දෙඩවිලිවලින් වළකින්න. මන්ද ඒවා වඩ වඩාත් දේව අභක්තියට මිනිසුන් යොමු කරවයි. ඔවුන්ගේ කතා ඔඩු දුවන තුවාල මෙන් පැතිර යයි. ඔවුන් අතරින් හිමේනියස් හා පිලේතස් සත්‍යයෙන් බැහැර ව මංමුළා ව ගොසිනි. මළවුන්ගේ නැගිටීම දැනටමත් සිදුව ඇතැයි ඔවුහු කියති. මෙසේ ඔවුහු ඇතමුන්ගේ ඇදහිල්ල අවුල් කරති. එහෙත් දෙවියන්වහන්සේගේ ශක්තිමත් අත්තිවාරම මෙම මුද්‍රාව දරයි: “තමන්වහන්සේට අයිති කවුරුදැයි ස්වාමින්වහන්සේ දන්නා සේක” සහ “ස්වාමින්වහන්සේගේ නාමය පිළිගන්නා හැම කෙනෙක් ම දුෂ්ටකමින් ඉවත හැරිය යුතු ය” යනුයි.



