2 තිමෝති 1
1
1ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති ජීවනයේ පොරොන්දුවට අනුව, දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වන පාවුල් වෙතින්,
2මා ප්‍රේමණීය දරුවා වන තිමෝති වෙතයි:
පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගෙන් හා ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, දයාවත්, සාමයත් වේවා.
ස්තුති දීම
3දිවා හා රැයේ මගේ යාච්ඤාවලදී නිබඳ ව ඔබ සිහි කරමින්, මගේ මුතුන් මිත්තන් කළ සේ පිරිසිදු හෘදය සාක්ෂියකින් යුතු ව, මා සේවය කරන දෙවියන්වහන්සේට මම ස්තුති පුදමි. 4ඔබ හෙළූ කඳුළු සිහි වන විට, ඔබ දැකීමේ දැඩි ආශාවක් ඇති වන්නේ, මා ප්‍රීතියෙන් පිරී යන පිණිස ය. 5ඔබගේ අව්‍යාජ ඇදහිල්ල මට සිහිගැන්වෙයි. පළමු ව ඔබේ මිත්තණිය වූ ලොයිස් තුළ ද ඉන්පසු ඔබේ මෑණියන් වූ එවුනිකී තුළ ද විසූ ඒ ඇදහිල්ල, දැන් ඔබ තුළ ද වෙසෙන බැව් මට සහතික ය.
ශුභාරංචියට කැපවීම
6ඒ හේතුව නිසා මා ඔබට මතක් කරන්නේ, මගේ අත් තැබීම තුළින් ඔබ ලද දෙවියන්වහන්සේගේ දීමනාවේ ගිනි සිළුව, දල්වා තබා ගන්නා ලෙසයි. 7මන්ද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නො ව, බලයේත්, ප්‍රේමයේත්, සංයමයේත් ආත්මයකි. 8එබැවින් අප ස්වාමින්වහන්සේගේ සාක්ෂිය ගැනවත්, උන්වහන්සේගේ සිරකරුවා වන මා ගැනවත් ලජ්ජා නො වන්න. එහෙත් දෙවියන්වහන්සේගේ බලයෙන්, ශුභාරංචිය උදෙසා දුක් ඉසිලීමට පංගුකාර වන්න. 9උන්වහන්සේ අප ගලවා, ශුද්ධ වූ කැඳවීමකට අප කැඳවූයේ, අපගේ ක්‍රියා නිසා නො ව, කාලයේ පටන් ගැන්මටත් පෙර, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට දුන් ස්වකීය අරමුණ හා අනුග්‍රහය නිසා ය. 10එහෙත් දැන්, එය එළිදරවු කරනු ලැබ ඇත්තේ, ක්‍රිස්තුස් යේසුස් අප ගැලවුම්කරුවාණන්ගේ ප්‍රකාශ වීම තුළිණි. මරණය විනාශ කළ උන්වහන්සේ ජීවනයත්, අමරණීයත්වයත් එළිදරවු කළේ, ශුභාරංචිය තුළිණි. 11දේශකයකු, අපෝස්තුලුවරයකු හා ගුරුවරයකු කොට මා පත් කරනු ලැබ සිටින්නේ ඒ ශුභාරංචියට ය. 12මෙලෙස මා දැන් දුක් විඳින්නේ එනිසා ය. එහෙත් මා ලජ්ජා වන්නේ නැත. මන්ද මා අදහාගෙන සිටින්නේ කවුරුදැයි මා දන්නා බැවිනි. තවද මා උන්වහන්සේට භාර දුන් දෑ ඒ දවස දක්වා ආරක්ෂා කරන්නට උන්වහන්සේ සමත් බැව් මම ඒත්තු ගෙන සිටිමි.
13ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුතු ව, ඔබ මවෙතින් ඇසූ සාර ඉගැන්වීමේ සැලැස්ම අනුගමන කරන්න. 14ඔබට භාර දෙන ලද යහපත් දෑ අප තුළ වෙසෙන ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් ආරක්ෂා කර ගන්න.
විශ්වාසීකමට හා අවිශ්වාසීකමට උදාහරණ
15පිගෙලස් හා හර්මෝගෙනිස් ඇතුළු ආසියාවේ හැම කෙනෙක් ම මා වෙතින් ඉවත හැරුණු වග ඔබ දනී.
16ඔනෙසිපොරස්ගේ ගෘහ වාසීන්ට ස්වාමින්වහන්සේ දයාව දක්වන සේක්වා! මන්ද ඔහු නිතර මා ප්‍රාණවත් කළේ ය; මගේ සිර-බැඳුම් ගැන ලජ්ජා නො වී ය. 17තවද, ඔහු රෝමයට ආ කල, වෙහෙස දරා සොයා, මා සොයා ගත්තේ ය. 18ඒ දවසේ ස්වාමින්වහන්සේගෙන් දයාව ලබන්නට ස්වාමින්වහන්සේ ඔහුට වර දෙන සේක්වා! එපීසයේදී ඔහු මට කළ නොයෙකුත් උපකාර ඔබත් හොඳින් ම දනී.
දැනට තෝරාගෙන ඇත:
2 තිමෝති 1: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: