දිවා හා රැයේ මගේ යාච්ඤාවලදී නිබඳ ව ඔබ සිහි කරමින්, මගේ මුතුන් මිත්තන් කළ සේ පිරිසිදු හෘදය සාක්ෂියකින් යුතු ව, මා සේවය කරන දෙවියන්වහන්සේට මම ස්තුති පුදමි. ඔබ හෙළූ කඳුළු සිහි වන විට, ඔබ දැකීමේ දැඩි ආශාවක් ඇති වන්නේ, මා ප්‍රීතියෙන් පිරී යන පිණිස ය. ඔබගේ අව්‍යාජ ඇදහිල්ල මට සිහිගැන්වෙයි. පළමු ව ඔබේ මිත්තණිය වූ ලොයිස් තුළ ද ඉන්පසු ඔබේ මෑණියන් වූ එවුනිකී තුළ ද විසූ ඒ ඇදහිල්ල, දැන් ඔබ තුළ ද වෙසෙන බැව් මට සහතික ය. ඒ හේතුව නිසා මා ඔබට මතක් කරන්නේ, මගේ අත් තැබීම තුළින් ඔබ ලද දෙවියන්වහන්සේගේ දීමනාවේ ගිනි සිළුව, දල්වා තබා ගන්නා ලෙසයි. මන්ද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නො ව, බලයේත්, ප්‍රේමයේත්, සංයමයේත් ආත්මයකි. එබැවින් අප ස්වාමින්වහන්සේගේ සාක්ෂිය ගැනවත්, උන්වහන්සේගේ සිරකරුවා වන මා ගැනවත් ලජ්ජා නො වන්න. එහෙත් දෙවියන්වහන්සේගේ බලයෙන්, ශුභාරංචිය උදෙසා දුක් ඉසිලීමට පංගුකාර වන්න. උන්වහන්සේ අප ගලවා, ශුද්ධ වූ කැඳවීමකට අප කැඳවූයේ, අපගේ ක්‍රියා නිසා නො ව, කාලයේ පටන් ගැන්මටත් පෙර, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට දුන් ස්වකීය අරමුණ හා අනුග්‍රහය නිසා ය. එහෙත් දැන්, එය එළිදරවු කරනු ලැබ ඇත්තේ, ක්‍රිස්තුස් යේසුස් අප ගැලවුම්කරුවාණන්ගේ ප්‍රකාශ වීම තුළිණි. මරණය විනාශ කළ උන්වහන්සේ ජීවනයත්, අමරණීයත්වයත් එළිදරවු කළේ, ශුභාරංචිය තුළිණි. දේශකයකු, අපෝස්තුලුවරයකු හා ගුරුවරයකු කොට මා පත් කරනු ලැබ සිටින්නේ ඒ ශුභාරංචියට ය. මෙලෙස මා දැන් දුක් විඳින්නේ එනිසා ය. එහෙත් මා ලජ්ජා වන්නේ නැත. මන්ද මා අදහාගෙන සිටින්නේ කවුරුදැයි මා දන්නා බැවිනි. තවද මා උන්වහන්සේට භාර දුන් දෑ ඒ දවස දක්වා ආරක්ෂා කරන්නට උන්වහන්සේ සමත් බැව් මම ඒත්තු ගෙන සිටිමි. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුතු ව, ඔබ මවෙතින් ඇසූ සාර ඉගැන්වීමේ සැලැස්ම අනුගමන කරන්න. ඔබට භාර දෙන ලද යහපත් දෑ අප තුළ වෙසෙන ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් ආරක්ෂා කර ගන්න.
2 තිමෝති 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 තිමෝති 1:3-14
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ