2 තෙසලෝනික 2:13-17

2 තෙසලෝනික 2:13-17 SCV

ස්වාමින්වහන්සේගේ ප්‍රේමයට පාත්‍ර වූ සහෝදරයිනි, ආත්මයාණන්වහන්සේගේ පවිත්‍ර කිරීමේ කාරිය තුළින් හා සත්‍යය ඇදහීම තුළින් ගැලවීම ලබන පිණිස, පටන් ගැන්මේ සිට දෙවියන්වහන්සේ ඔබ තෝරා ගෙන ඇති බැවින්, ඔබ ගැන දෙවියන්වහන්සේට නිබඳ ව ස්තුති දීම අප විසින් කළ යුත්තකි. අපගේ ශුභාරංචිය මගින් දෙවියන්වහන්සේ ඊට ඔබ කැඳවූයේ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ඔබත් අත්කර ගන්නා පිණිස ය. එබැවින් සහෝදරයිනි, කට වචනයෙන් හෝ ලිපි මගින් හෝ අප ඔබට ඉගැන් වූ ඉගැන්වීම් තුළ ස්ථිර ව පැවත සිටින්න. ඒවා තරකොට අල්ලා ගන්න. යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ද අපට ප්‍රේම කොට ස්වකීය අනුග්‍රහයෙන් සදාතන ධෛර්යයත්, යහ බලාපොරොත්තුවත් අපට දුන් අපගේ පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ද ඔබගේ හදවත් ධෛර්යවත් කරන සේක්වා! සියලු යහ වැඩෙහි හා කතාවෙහි ඔබ ශක්තිමත් කරන සේක්වා!

2 තෙසලෝනික 2:13-17 සඳහා වීඩියෝව

2 තෙසලෝනික 2:13-17 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය