2 තෙසලෝනික 1:6-12

2 තෙසලෝනික 1:6-12 SCV

දෙවියන්වහන්සේ සාධාරණ ය; ඔබට දුක් පීඩා කළවුන්ට උන්වහන්සේ දුක් පීඩා පමුණු වන සේක. තවද දැන් පීඩා විඳින ඔබට මෙන් ම අපට ද උන්වහන්සේ සහනය සලසන සේක. මෙය සිදු වන්නේ යේසුස් ස්වාමින්වහන්සේ තම බලගතු දේව දූතයින් සමඟ ඇවිළෙන ගිනි ජාලාවකින් යුතු ව ස්වර්ගයෙන් ප්‍රකාශ වන කල්හි ය. එකල දෙවියන්වහන්සේ නො හඳුනන්නන්ට හා යේසුස් අප ස්වාමින්වහන්සේගේ ශුභාරංචියට කීකරු නො වන්නන්ට දඬුවම් කරන සේක. ඔවුහු සදාතන විනාශයේ දඬුවම් ලැබ, ස්වාමින්වහන්සේගේ අභිමුඛයෙන් හා උන්වහන්සේගේ පරාක්‍රමවත් තේජස ඉදිරියෙන් නෙරපා දමනු ලබන්නේ, ස්වකීය ශුද්ධවන්තයින් තුළ ගෞරව මහිම ලැබීමටත්, අපේ සාක්ෂිය විශ්වාස කළ ඔබ ඇතුළු ඇදහිලිවත් සියල්ලන් අතරේ විස්මයක් ඇති කිරීමටත් ස්වාමින්වහන්සේ ආපසු පැමිණෙන දවසේ ය. මෙය සිත්හි තබාගෙන, ඔබ උදෙසා දිගට ම අප යාච්ඤා කරන්නේ, තමන්වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් බවට අපේ දෙවියන්වහන්සේ විසින් ගණන් ගනු ලබන පිණිසත්, ඔබගේ යහ-අරමුණු හැමකක් හා ඔබගේ ඇදහිල්ලෙන් පැන නගින හැම ක්‍රියාවක්, දෙවියන්වහන්සේ විසින් ස්වකීය බලයෙන් සම්පූර්ණ කරනු ලබන පිණිසත් ය. අප එසේ යාච්ඤා කරන්නේ, අපගේ දෙවියන්වහන්සේගේ ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ ද අනුග්‍රහ ප්‍රකාර යේසුස් අප ස්වාමින්වහන්සේගේ නාමය ඔබ තුළත්, ඔබ උන්වහන්සේ තුළත් තේජසට පැමිණෙන පිණිස ය.