2 සාමුවෙල් 9:1-4

2 සාමුවෙල් 9:1-4 SCV

දාවිත් කතා කරමින්, “මා යොනාතාන් උදෙසා කරුණාව දක්වන පිණිස, සාවුල්ගේ වංශයේ කවරකු හෝ තවමත් ජීවත් ව සිටී දැ?” යි විමසී ය. සාවුල්ගේ ගෘහවාසී සේවකයකු වූ සීබා නැමැත්තෙක් සිටියේ ය. දාවිත් ඉදිරියට ඔහු කැඳවන ලදී. රජු ඔහු අමතමින්, “නුඹ සීබාදැ?” යි ඇසී ය. “ඔබේ සේවකයා එසේ වෙතැ” යි ඔහු කීවේ ය. රජු කතා කරමින්, “මා විසින් දෙවියන්වහන්සේගේ කරුණාව දක්වන පිණිස සාවුල්ගේ වංශයට අයත් කිසිවකු නැති දැ?” යි ඇසී ය. සීබා, රජුට පිළිතුරු දෙමින්, “යොනාතාන්ගේ පුතෙක් තවමත් සිටියි. ඔහුගේ පා දෙක ම කොර යැ” යි කීවේ ය. ඔහු කොහේදැයි? රජු ඇසී ය. සීබා, පිළිතුරු දෙමින්, “ඔහු ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ නිවසේ සිටිතැ” යි කීවේ ය.

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 9:1-4 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය