2 සාමුවෙල් 8
8
දාවිත්ගේ ජයග්‍රහණ
1මෙයින් පසු දාවිත් පිලිස්තිවරුන් පරදා, ඔවුන් යටත් කොට, මෙතෙග්-අම්මා පෙදෙස පිලිස්තිවරුන්ගේ පාලනයෙන් තමා යටතට ගත්තේ ය.
2දාවිත්, මෝවබ්වරුන් ද පැරදවී ය. ඔහු ඔවුන්ට බිම දිගා වන්නට සලස්වා, ලණු පොටකින් ඔවුන් මැන්නේ ය. එයින් මිමි දෙකක් මරා දමන පිණිස ය. එක් සම්පූර්ණ මිම්මක් ජීවිත දානයට ය. මෙසේ මෝවබ්වරු ඔහුගේ යටත්වාසීන් බවට පත් වී, ඔහුට කප්පන් ගෙවූහ.
3තවද රෙහොබ්ගේ පුත්‍ර, සෝබාහි රජු වූ හදද්එසෙර්, යුප්‍රටීස්#8:3 යුප්‍රටීස් එනම් පෙරාත් ගංගාව ළඟ තම පාලනය යළි පිහිටුවීමට යද්දී, දාවිත් ඔහුට පහර දුන්නේ ය. 4දාවිත්, ඔහුගේ අසරුවන් එක්දහස් හත්සියයක්#8:4 එක්දහස් හත්සියයක් ග්‍රීක පරිවර්තනයේ සහ 1 ලේක 18;4 යුද්ධ රථ දහසක් ද රථාචාරීන් හත්දහසක් ද ලෙස සඳහන් වේ. ද පාබළ සෙබළුන් විසිදහසක් ද අල්ලා ගත්තේ ය. රථ-අශ්වයින් සියයක් පමණක් ඉතිරි කර ගත් ඔහු සෙස්සනගේ කලවා-නහරය කපා දැමී ය.
5දමස්කයේ අරාම්වරුන්, සෝබාහි රජු වූ හදද්එසෙර්ගේ සහායට පැමිණි කල, දාවිත් අරාම්වරුන්ගෙන් විසිදෙදහසක් ගසා හෙළී ය. 6දාවිත්, දමස්කයේ අරාම් මධ්‍යයේ බළ සේනා සිටුවී ය. අරාම්වරු ඔහුගේ යටත්වාසීන් වී, ඔහුට කප්පන් ගෙවූහ. දාවිත් ගිය ගිය තැන ස්වාමින්වහන්සේ ඔහුට ජය ගෙන දුන් සේක.
7හදද්එසෙර්ගේ සේවකයින් විසින් දරන ලද රන් පලිස් ගත් දාවිත්, ඒවා යෙරුසලමට රැගෙන ආවේ ය. 8හදද්එසෙර්ට අයත් නගර වූ බෙටා හා බේරොතායි වෙතින් දාවිත් රජු, ලෝකඩ මහා ප්‍රමාණයක් ගත්තේ ය.
9දාවිත්, හදද්එසෙර්ගේ මුළු හමුදාව පරාජය කර ඇති වග, හමාත්හි රජු වූ තොයීට අසන්නට ලැබිණ. 10එකල තොයී තම පුත් යෝරාම්, හදද්එසෙර් හා සටනේදී ලද ජය පිළිබඳ දාවිත්ට ආචාර කරන්නට හා සුබ පතන්නට දාවිත් රජු වෙත ඔහු යැවී ය. මන්ද හදද්එසෙර් හා තොයී අතර යුද්ධ පැවතිණි. යෝරාම් තමා සමඟ රිදී, රන් හා ලෝකඩ භාණ්ඩ ගෙන ගියේ ය.
11දාවිත් රජු එම භාණ්ඩ සියල්ල තමා විසින් යටත් කළ සියලු ජාතීන්ගෙන් ගත් රිදී හා රන් සමඟ ස්වාමින්වහන්සේට කැප කළේ ය. 12ඒවා ගන්නා ලද්දේ ඒදොම්#8:12 ඒදොම් සමහර හෙබ්‍රෙව් අත් පිටපත්, පැරණි (ග්‍රීක හා සිරියැක්) අනුවාද, සහ 1 ලේක 18;11ට අනුව ය. එහෙත් බොහෝ හෙබ්‍රෙව් පිටපත්වල අරාම්, මෝවබ්, අම්මොන්වරුන්, පිලිස්තිවරුන් හා අමලෙක් වෙතිනි. රෙහොබ්ගේ පුත්‍ර සෝබාහි රජු වූ හදද්එසෙර්ගෙන් ගත් කොල්ලය ද ඔහු කැප කළේ ය.
13ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දහඅට දහසක් ගසා හෙළා, ආපසු පැමිණි කල, දාවිත් ප්‍රසිද්ධියට පත් විය.
14ඔහු ඒදොම්හි ආරක්ෂක සේනාංක රැඳවී ය; ඒදොම් මුළුල්ලේ ඔහු ආරක්ෂක සේනාංක රැඳ වූ අතර සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවන් වූහ. දාවිත් ගිය හැම තැනකදී ම ස්වාමින්වහන්සේ ඔහුට ජය අත්පත් කර දුන් සේක.
දාවිත්ගේ නිලධාරීන්
15දාවිත් සමස්ත ඉශ්‍රායෙලයට ම රජකම් කළේ ය. දාවිත් තමන්ගේ මුළු ජනතාවට යුක්තිය හා සාධාරණත්වය එක ලෙස ඉටු කළේ ය. 16සෙරූයාගේ පුත් යෝවාබ් හමුදාපති ව සිටියේ ය. අහිලූද්ගේ පුත් යෙහෝෂාෆාට් වාර්තාකරු ව සිටියේ ය. 17අහිටූබ්ගේ පුත් සාදෝක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක්#8:17 අහිමෙලෙක් හෙබ්‍රෙව් අබිමෙලෙක් පූජකයින් ව සිටියහ; සෙරායා ලේකම් ව සිටියේ ය. 18යෙහෝයාදාගේ පුත් බෙනායා කෙරේතිවරුන්ගේ හා පෙලේතිවරුන්ගේ ප්‍රධානියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්තු පූජකයින්#8:18 පූජකයින් හෙවත් රාජකීය උපදේශකයින් වූහ සෙප්ටුවජින්ට්, තර්ගුම් (අරාමීය විවරණ) සහ 1 ලේක 18;17 බලන්න ව සිටියහ.
දැනට තෝරාගෙන ඇත:
2 සාමුවෙල් 8: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: