2 සාමුවෙල් 8:9-14
2 සාමුවෙල් 8:9-14 SCV
දාවිත්, හදද්එසෙර්ගේ මුළු හමුදාව පරාජය කර ඇති වග, හමාත්හි රජු වූ තොයීට අසන්නට ලැබිණ. එකල තොයී තම පුත් යෝරාම්, හදද්එසෙර් හා සටනේදී ලද ජය පිළිබඳ දාවිත්ට ආචාර කරන්නට හා සුබ පතන්නට දාවිත් රජු වෙත ඔහු යැවී ය. මන්ද හදද්එසෙර් හා තොයී අතර යුද්ධ පැවතිණි. යෝරාම් තමා සමඟ රිදී, රන් හා ලෝකඩ භාණ්ඩ ගෙන ගියේ ය. දාවිත් රජු එම භාණ්ඩ සියල්ල තමා විසින් යටත් කළ සියලු ජාතීන්ගෙන් ගත් රිදී හා රන් සමඟ ස්වාමින්වහන්සේට කැප කළේ ය. ඒවා ගන්නා ලද්දේ ඒදොම්, මෝවබ්, අම්මොන්වරුන්, පිලිස්තිවරුන් හා අමලෙක් වෙතිනි. රෙහොබ්ගේ පුත්‍ර සෝබාහි රජු වූ හදද්එසෙර්ගෙන් ගත් කොල්ලය ද ඔහු කැප කළේ ය. ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දහඅට දහසක් ගසා හෙළා, ආපසු පැමිණි කල, දාවිත් ප්‍රසිද්ධියට පත් විය. ඔහු ඒදොම්හි ආරක්ෂක සේනාංක රැඳවී ය; ඒදොම් මුළුල්ලේ ඔහු ආරක්ෂක සේනාංක රැඳ වූ අතර සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවන් වූහ. දාවිත් ගිය හැම තැනකදී ම ස්වාමින්වහන්සේ ඔහුට ජය අත්පත් කර දුන් සේක.

