2 සාමුවෙල් 8:13-18

2 සාමුවෙල් 8:13-18 SCV

ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දහඅට දහසක් ගසා හෙළා, ආපසු පැමිණි කල, දාවිත් ප්‍රසිද්ධියට පත් විය. ඔහු ඒදොම්හි ආරක්ෂක සේනාංක රැඳවී ය; ඒදොම් මුළුල්ලේ ඔහු ආරක්ෂක සේනාංක රැඳ වූ අතර සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවන් වූහ. දාවිත් ගිය හැම තැනකදී ම ස්වාමින්වහන්සේ ඔහුට ජය අත්පත් කර දුන් සේක. දාවිත් සමස්ත ඉශ්‍රායෙලයට ම රජකම් කළේ ය. දාවිත් තමන්ගේ මුළු ජනතාවට යුක්තිය හා සාධාරණත්වය එක ලෙස ඉටු කළේ ය. සෙරූයාගේ පුත් යෝවාබ් හමුදාපති ව සිටියේ ය. අහිලූද්ගේ පුත් යෙහෝෂාෆාට් වාර්තාකරු ව සිටියේ ය. අහිටූබ්ගේ පුත් සාදෝක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයින් ව සිටියහ; සෙරායා ලේකම් ව සිටියේ ය. යෙහෝයාදාගේ පුත් බෙනායා කෙරේතිවරුන්ගේ හා පෙලේතිවරුන්ගේ ප්‍රධානියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්තු පූජකයින් ව සිටියහ.