2 සාමුවෙල් 6:8-12

2 සාමුවෙල් 6:8-12 SCV

ස්වාමින්වහන්සේගේ උදහස උස්සාට එරෙහිව ඇවුළුණෙන්, දාවිත් කෝප විය; එබැවින් ඒ ස්ථානය අද දක්වා ම පෙරෙස්-උස්සා යන නමින් හැඳින්වෙයි. ඒ දවසේ දාවිත්, ස්වාමින්වහන්සේට භය වී, “ස්වාමින්වහන්සේගේ කරඬුව කෙසේ ද මා වෙත එන්නේ?” යි කීවේ ය. එබැවින් දාවිත් ස්වාමින්වහන්සේගේ කරඬුව දාවිත් පුරයට ගෙන යෑමට කැමති නො වී, එය පසෙකට හරවා ගිත්තීය ඔබේද්-ඒදොම්ගේ නිවසට ගෙන ගියේ ය. ස්වාමින්වහන්සේගේ කරඬුව ගිත්තීය ඔබේද්-ඒදොම්ගේ නිවසෙහි තුන් මසක් තිබුණු අතර, ස්වාමින්වහන්සේ ඔබේද්-ඒදොම්ටත්, ඔහුගේ නිවැසි සියලු දෙනාටත් ආශිර්වාද කළ සේක. “දෙවියන්වහන්සේගේ කරඬුව නිසා ස්වාමින්වහන්සේ ඔබේද්-ඒදොම්ගේ නිවැසියන්ටත්, ඔහු සන්තක සියල්ලටත් ආශිර්වාද කර ඇතැ” යි දාවිත් රජුට දන්වන ලද්දේ ය. එවිට දාවිත් පිටත් ව ගොස්, දෙවියන්වහන්සේගේ කරඬුව ඔබේද්-ඒදොම්ගේ නිවසේ සිට දාවිත් පුර වෙත ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව ගෙන ආවේ ය.