දාවිත්, තෝරාගත් ඉශ්රායෙල් මිනිසුන් තිස්දහසක් යළි එක් රැස් කළේ ය. දාවිත් තමා සමඟ වූ සියලු මිනිසුන් සමඟ යූදාහි බාලා වෙතින් පිටත් වූයේ, නාමයෙන් එනම් කෙරුබ්වරුන්ට ඉහළින් සිංහාසනාරූඪ ව සිටින සේනාංකවල ස්වාමින්වහන්සේගේ නාමයෙන් හැඳින්වෙන දෙවියන්වහන්සේගේ කරඬුව එහි සිට ගෙනෙන්නට ය. ඔවුහු දෙවියන්වහන්සේගේ කරඬුව අලුත් ගැලක තබා, කඳු ගැටයෙහි පිහිටි අබිනාදාබ්ගේ නිවසේ සිට එය රැගෙන ආහ. අබිනාදාබ්ගේ පුත්‍රයින් වූ උස්සා හා අහියෝ අලුත් ගැල දැක්කූහ. දෙවියන්වහන්සේගේ කරඬුව ඒ මත විය. අහියෝ කරඬුවට පෙරටුවෙන් ගමන් ගත්තේ ය. දාවිත් හා මුළු ඉශ්රායෙල් වංශය ගීයෙන් ද වීණා, මහ වීණා, රබන්, පන්තේරු හා අත්තාලම් ඇති ව ස්වාමින්වහන්සේ අබියස තමන්ගේ මුළු සවියෙන් ප්‍රමෝද වූහ. ඔවුන් නාකොන්ගේ කමත වෙත ළඟා වූ කල, ගවයින් පැකිළුණ බැවින්, උස්සා තම අත දිගු කොට, දෙවියන්වහන්සේගේ කරඬුව ඇල්ලුවේ ය. ඔහුගේ ඒ වරද නිසා, ස්වාමින්වහන්සේගේ කෝපය උස්සාට එරෙහිව ඇවුළුණෙන්, දෙවියන්වහන්සේ ඔහු ගසා හෙළූ සේක. ඔහු දෙවියන්වහන්සේගේ කරඬුව පසෙක මළේ ය. ස්වාමින්වහන්සේගේ උදහස උස්සාට එරෙහිව ඇවුළුණෙන්, දාවිත් කෝප විය; එබැවින් ඒ ස්ථානය අද දක්වා ම පෙරෙස්-උස්සා යන නමින් හැඳින්වෙයි. ඒ දවසේ දාවිත්, ස්වාමින්වහන්සේට භය වී, “ස්වාමින්වහන්සේගේ කරඬුව කෙසේ ද මා වෙත එන්නේ?” යි කීවේ ය. එබැවින් දාවිත් ස්වාමින්වහන්සේගේ කරඬුව දාවිත් පුරයට ගෙන යෑමට කැමති නො වී, එය පසෙකට හරවා ගිත්තීය ඔබේද්-ඒදොම්ගේ නිවසට ගෙන ගියේ ය. ස්වාමින්වහන්සේගේ කරඬුව ගිත්තීය ඔබේද්-ඒදොම්ගේ නිවසෙහි තුන් මසක් තිබුණු අතර, ස්වාමින්වහන්සේ ඔබේද්-ඒදොම්ටත්, ඔහුගේ නිවැසි සියලු දෙනාටත් ආශිර්වාද කළ සේක. “දෙවියන්වහන්සේගේ කරඬුව නිසා ස්වාමින්වහන්සේ ඔබේද්-ඒදොම්ගේ නිවැසියන්ටත්, ඔහු සන්තක සියල්ලටත් ආශිර්වාද කර ඇතැ” යි දාවිත් රජුට දන්වන ලද්දේ ය. එවිට දාවිත් පිටත් ව ගොස්, දෙවියන්වහන්සේගේ කරඬුව ඔබේද්-ඒදොම්ගේ නිවසේ සිට දාවිත් පුර වෙත ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව ගෙන ආවේ ය. ස්වාමින්වහන්සේගේ කරඬුව උසුලාගෙන යන්නවුන් පියවර හයක් තැබූ කල, ඔහු ගවයකු හා තර වහු පැටවකු යාග කළේ ය. දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳ තමාගේ මුළු ශක්තියෙන් ස්වාමින්වහන්සේ ඉදිරියේ නැටුවේ ය. මෙසේ දාවිත් හා මුළු ඉශ්රායෙල් වංශය ජය ගොස නගමින්, හොරණෑ නද සමඟින් ස්වාමින්වහන්සේගේ කරඬුව ගෙන ආහ. ස්වාමින්වහන්සේගේ කරඬුව දාවිත් පුරයට ඇතුළු වෙද්දී, සාවුල්ගේ දියණිය මීකල් කවුළුවකින් පිටත බලා සිටියා ය. දාවිත් රජු ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පැන පැන නටනු දුටු ඈ තම හදින් ඔහු හෙළා දැක්කා ය. ඔවුහු ස්වාමින්වහන්සේගේ කරඬුව ගෙනවුත්, ඒ සඳහා දාවිත් විසින් පිහිටු වන ලද කූඩාරමෙහි ඊට නිසි තැන තැන්පත් කළහ. දාවිත් දවන යාග පූජා හා ශාන්ති පූජා ස්වාමින්වහන්සේ අබියස ඔප්පු කළේ ය. දවන යාග පූජා හා ශාන්ති පූජා ඔප්පු කිරීම නිම කළ දාවිත්, සේනාංකවල ස්වාමින්වහන්සේගේ නාමයෙන් ජනතාවට ආශිර්වාද කළේ ය.
2 සාමුවෙල් 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 සාමුවෙල් 6:1-18
4 Days
How to live in Holy fear, but not fear of the Holy
Crowns can be seized, but only Christ grants authority that lasts. Dominion: Every Christian’s Call is a four-day study of what it means to live as a kingdom of priests under Christ’s reign. Readers will discover the essential ingredients of this life: stewardship, purpose, endurance, and worship. Scripture reveals every believer shares the same call: to reign in this life with Christ until all the world sees His glory.
5 Days
A five day reading plan exploring some of the Biblical perspectives that anchor Brooke’s new album, EIGHT. Enjoy devotionals that journey through themes like the fear of the Lord, postures in prayer, enduring in wilderness seasons, enjoying God, and choosing Him in response to His choice of us!
7 Days
The word extravagant comes from the Latin, extravagari, meaning to “wander outside or beyond.” It describes working outside of prescribed lines, even recklessly so. The woman who anointed Jesus’ feet with perfume was someone prepared to go “outside the lines” of what was deemed acceptable in her passion to demonstrate her love for Jesus. Read to learn more about a lifestyle of extravagant worship!
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ