2 සාමුවෙල් 20:20-21
2 සාමුවෙල් 20:20-21 SCV
යෝවාබ් පිළිතුරු දෙමින්, “කොහෙත් ම නැත. ගිල දැමීමේ හෝ විනාශ කිරීමේ අදහසක් මා තුළ කොහෙත් ම නැත. කාරණය එය නො වෙයි. එප්‍රායිම් කඳුකරයේ බික්රීගේ පුත් ෂෙබා නැමති මිනිහෙක්, දාවිත් රජුට එරෙහිව ඔහුගේ අත ඔසවලා. ඒ මිනිහා පමණක් බාර දෙන්න. එවිට මම මේ පුරයෙන් ඉවත් ව යන්නම්” යි කීවේ ය. එම කාන්තාව යෝවාබ් අමතමින්, “ඔන්න, ඔහුගේ හිස පවුරට ඉහළින් ඔබ වෙත විසි කෙරෙනු ඇතැ” යි කීවා ය.

