ඉශ්රායෙල් ගෝත්‍ර වංශ මුළුල්ලෙහි ජනයා සැවොම තම තමන් අතරේ තර්ක කරමින්, “අපේ සතුරන් අතින් අප මුදා ගත්තේ රජතුමායි; පිලිස්තිවරුන් අතින් අප ගලවා ගත්තේ එතුමායි. එහෙත් දැන් අබ්සලොම් නිසා ඔහු රටින් පලා ගොසින්; ඒ ඇරත් අපේ රජු වශයෙන් අප අභිෂේක කළ අබ්සලොම් සටනේදී මැරුණා. එනිසා රජ්ජුරුවන් ආපසු ගෙන ඒම ගැන නිශ්ශබ්ද මන්දැ?” යි කීහ. දාවිත් රජු සාදෝක් සහ අබියාතර් යන පූජකයින්ට පණිවුඩ යවමින්, “යූදා වැඩිහිටියන්ගෙන් මෙසේ අහන්න: ‘ඉශ්රායෙල් මුළුල්ලේ පැවසෙන දෑ රජුට සැල වී තිබියදී, රජ මැදුරට රජතුමන් ආපසු කැඳවා ඒමට ඔබ අන්තිමයන් වන්නේ මන්ද? නුඹලා මගේ ම සහෝදරයොයි. මගේ ඇට හා මසයි. එබැවින් රජ්ජුරුවන් ආපසු කැඳවාගෙන ඒමට නුඹලා අන්තිමයන් වන්නේ මන්දැ?’ යි අසන්න. තවද අමාසාට කතා කොට, ‘නුඹ මගේ ඇට හා මස නො වේ ද? මෙතැන් පටන් යෝවාබ් වෙනුවට මගේ හමුදාවේ සේනාධිපතියා වන්නේ නුඹ නො වේ නම්, දෙවියන්වහන්සේ ඊට වඩා දැඩි ලෙස මට කරන සේක්වා!’ කියා පවසන්නැ” යි කියා යැවී ය. ඔහු යූදාහි සියලු මිනිසුන්ගේ සිත් එක් කෙනකුගේ සිත මෙන් දිනා ගත්තේ ය. ඔවුහු රජුට පණිවුඩ යවමින්, “ඔබත් ඔබගේ මිනිසුන් හැමදෙනාත් ආපසු එන්නැ” යි දන්වා යැවූහ. ඉන්පසු ආපසු පැමිණි රජු, යොර්දාන් දක්වා ගියේ ය. මේ අතර යූදා මිනිස්සු රජු මුණ ගැසී යොර්දානෙන් මෙතෙරට රජු කැඳවාගෙන ඒම සඳහා ගිල්ගාල් වෙත පැමිණියහ. බහූරීම්හි බෙන්යමින් වංශික ගේරාගේ පුත් ෂිමෙයි ද යූදා මිනිසුන් සමඟ දාවිත් රජු හමුවීමට වහ වහා ගියේ ය. ඔහු සමඟ බෙන්යමින්වරු දහසක් වූහ. සාවුල්ගේ ගෘහ වාසීන්ගේ භාරකාර සීබා ද ඔහුගේ පුතුන් පහළොස්දෙනා හා සේවකයින් විසිදෙනා ද ඒ අතරේ වූහ. රජු ළඟා වී සිටි යොර්දාන් නදිය වෙත ඔවුහු ලහි ලහියේ දිව ගියෝ, රජුගේ ගෘහ වාසීන් මෙගොඩ කරන්නට හා ඔහු කියන්නක් කරන්නටත් තොටුපොළ එතෙර මෙතෙර වූහ. ගේරාගේ පුත් ෂිමෙයි යොර්දානෙන් එතෙර වූ කල්හි රජු අබියස මුණින් තලා වැඳ වැටුණේ ය. ඔහු රජු අමතමින්, “මා ස්වාමියාණන් මා වරදකරුවකැයි නො සලකත්වා! මගේ ස්වාමියාණන් වන රජ්ජුරුවන් යෙරුසලම හැරගිය දවසේ ඔබේ සේවක මා වැරදි කළ අයුරු සිහි නො කළ මැනවි. රජ්ජුරුවෝ සිතින් එය ඉවත් කර ගනිත්වා! මන්ද මා පව් කළ වග ඔබේ සේවක මම දනිමි. එහෙත් මෙන්න, මා ස්වාමියාණන් වන රජ්ජුරුවන් හමුවීමට යෝසෙප් වංශික සියල්ලන් අතරින් පළමු වැන්නා ව මම ආවෙමි” යි කීවේ ය.
2 සාමුවෙල් 19 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 සාමුවෙල් 19:9-20
21 Days
2 Samuel depicts the ascension and reign of King David following the death of Saul and Jonathan. David united the kingdom, established Jerusalem as the capital city, and extended the territory of Israel. At the crescendo of the book, God promises David that "your throne shall be established forever" (2 Samuel 7:16). Despite David's wickedness, God ultimately fulfills his promises to David through the person and work of Jesus Christ.
31 Days
In the beginning was the Word … but what came next? This plan is for anyone who wants a better understanding of the Bible. It provides a chronological reading program that endeavors to place all biblical passages in their date order. Part Five of this twelve-part one-year reading plan is titled 'David’s Decline, Solomon’s Reign, 1023 BC–980 BC'.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ