2 සාමුවෙල් 18:32-33

2 සාමුවෙල් 18:32-33 SCV

එවිට කූෂීයයා ඇමතූ රජු, “අබ්සලොම් තරුණයා සුරක්ෂිත දැ?” යි ඇසී ය. කූෂීයයා පිළිතුරු දෙමින්, “මගේ ස්වාමින් වූ රජ්ජුරුවන්ගේ සතුරන් හා ඔබට වින කරන්නට නැගිටින සියල්ලන් ඒ තරුණ මිනිසා මෙන් වේවා” යි කීවේ ය. එවිට රජු දැඩි ලෙස කැලඹී, දොරටුවට ඉහළින් කුටියට වැදී, හඬා වැටුණේ ය. “අහෝ මා පුත අබ්සලොම්; මා පුත, අබ්සලොම් මා පුත, නුඹ වෙනුවට මා මිය ගියා නම්! මා පුත, අහෝ මා පුත අබ්සලොම්” කියමින් හැඬුවේ ය.