2 සාමුවෙල් 18:31-33
2 සාමුවෙල් 18:31-33 SCV
එවිට ම එහි ළඟා වූ කූෂීයයා, “මගේ ස්වාමි වූ රජ්ජුරුවනි, මේ සුබ ආරංචිය අහන්න; ඔබට විරුද්ධ ව නැගී සිටි සියල්ලන්ගෙන් ස්වාමින්වහන්සේ අද දවසේ ඔබ ගැලවූ සේකැ” යි කීවේ ය. එවිට කූෂීයයා ඇමතූ රජු, “අබ්සලොම් තරුණයා සුරක්ෂිත දැ?” යි ඇසී ය. කූෂීයයා පිළිතුරු දෙමින්, “මගේ ස්වාමින් වූ රජ්ජුරුවන්ගේ සතුරන් හා ඔබට වින කරන්නට නැගිටින සියල්ලන් ඒ තරුණ මිනිසා මෙන් වේවා” යි කීවේ ය. එවිට රජු දැඩි ලෙස කැලඹී, දොරටුවට ඉහළින් කුටියට වැදී, හඬා වැටුණේ ය. “අහෝ මා පුත අබ්සලොම්; මා පුත, අබ්සලොම් මා පුත, නුඹ වෙනුවට මා මිය ගියා නම්! මා පුත, අහෝ මා පුත අබ්සලොම්” කියමින් හැඬුවේ ය.

