2 සාමුවෙල් 17:1-4

2 සාමුවෙල් 17:1-4 SCV

තවද අහිතොෆෙල්, අබ්සලොම්ට කතා කොට, “මිනිසුන් දොළොස් දහසක් තෝරා ගෙන, අද රෑ දාවිත් ලුහුබැඳ යන්නට මට අවසර! ඔහු වෙහෙස ව, දුර්වල ව සිටියදී මා ඔහුට පහර දී, ඔහු සන්ත්‍රාසයට පත් කරන්නම්. එවිට ඔහු සමඟ සිටින සියලු ජනයා පලා යනු ඇත. රජු පමණක් ගසා හෙළා, මම මුළු ජනතාව ඔබ වෙත ගෙනෙන්නෙමි. ඔබට ඕනෑ කරන මිනිසාගේ මරණය සියල්ලන්ගේ නැවත පැමිණීමට හේතු වනු ඇත; සියලු ජනයා සාමය ඇතුව සිටිනු ඇතැ” යි කී ය. එම සැලැස්ම යෙහෙකැයි අබ්සලොම්ටත්, ඉශ්‍රායෙල් වැඩිහිටියන් හැම දෙනාටත් හැඟී ගියේ ය.