රජුගේ හද අබ්සලොම් වෙත නැඹුරු ව ඇති වග සෙරූයාගේ පුත් යෝවාබ්ට වැටහිණ. එබැවින් යෝවාබ්, තෙකෝවා නුවරට පණිවුඩ යවා, නැණවත් කාන්තාවක් එහි සිට ගෙන්වා ගත්තේ ය. ඔහු ඇයට උපදෙස් දෙමින්, “ඔබ ශෝකවෙමින් සිටින වග අඟවා, ශෝක වන්නියක සේ සැරසී, ආලේපන නො ගල්වා, මළවුන් උදෙසා බොහෝ දවසක් ශෝකයෙන් සිටින කාන්තාවක සේ රඟපාන්න. ඒ අයුරින් රජු ඉදිරියට ගොස්, මෙසේ කියන්නැ” යි කීවේ ය. මෙසේ යෝවාබ්, ඇය කිය යුතු දෑ ඇයට කියා දුන්නේ ය. තෙකෝවාහි කාන්තාව රජු හමුවට පැමිණි කල, රජුට ගෞරව දක්වමින් මුණින් තලා වැටී, “පිහිට වන්න, අහෝ රජ්ජුරුවනි” යි කීවේ ය.
2 සාමුවෙල් 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 සාමුවෙල් 14:1-4
21 Days
2 Samuel depicts the ascension and reign of King David following the death of Saul and Jonathan. David united the kingdom, established Jerusalem as the capital city, and extended the territory of Israel. At the crescendo of the book, God promises David that "your throne shall be established forever" (2 Samuel 7:16). Despite David's wickedness, God ultimately fulfills his promises to David through the person and work of Jesus Christ.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ