2 සාමුවෙල් 13:19-20

2 සාමුවෙල් 13:19-20 SCV

තාමාර් තම හිස මත අළු දමා ගනිමින්, තම දිගු වස්ත්‍රය ඉරා ගත්තා ය. ඈ, තම හිස මත තම අත තබාගෙන, ගමන් ගත්තේ උස් හඬින් වැලපෙමිනි. එවිට ඇගේ සහෝදර අබ්සලොම් ඇය අමතමින්, “ඔබේ සහෝදර අර අම්නෝන් ඔබ හා සිටියා ද? දැන් නිහඬ වන්න, මගේ සහෝදරිය, ඔහු ඔබේ සහෝදරයායි. මේක හිතට ගන්න එපා” යි කීවේ ය. තාමාර් තම සහෝදර අබ්සලොම්ගේ නිවසේ අසරණ ව වාසය කළා ය.