එවිට දාවිත්, යෝවාබ්ට පණිවුඩ යවමින්, “හිත්තීය ඌරියා මා වෙත එවන්නැ” යි දැන්වී ය. එබැවින් යෝවාබ්, දාවිත් වෙත ඌරියා පිටත් කළේ ය. ඌරියා තමන් වෙත ආ කල, දාවිත් ඔහු අමතමින්, යෝවාබ්ට කෙසේ ද, සෙසු සෙබළුන් කෙසේ ද, යුද්ධය කරන්නේ කෙසේ ද යන්න ඇසී ය. ඉන්පසු ඌරියා ඇමතූ දාවිත්, “ඔබේ ගෙදරට යන්න. ඔබේ පා සෝදාගෙන, පහසු ගන්නැ” යි කීවේ ය. ඌරියා රජ මැදුරින් පිටත් ව ගියේ ය. රජුගෙන් වූ ත්‍යාගයක් ද ඔහුට පසුපසින් යැවිණ. එහෙත් ඌරියා, තම හාම්පුතාගේ සේවක සියල්ලන් සමඟ රජගෙදර පිවිසුමේ නිදා ගත්තේ ය. ඔහු තම ගෙදරට ගියේ නැත. “ඌරියා ගෙදර ගියේ නැතැ” යි දාවිත්ට දැන් වූ කල, ඔහු ඇමතූ දාවිත්, “නුඹ දුර බැහැරක ඉඳන් ආවා නො වේ ද? එහෙම නම් ගෙදර නො ගියේ මන්දැ?” යි ඇසී ය. ඌරියා දාවිත්ට පිළිතුරු දෙමින්, “ගිවිසුම් කරඬුව ද ඉශ්රායෙල් හා යූදා ද ඉන්නේ කූඩාරම්වල; මගේ හාම්පුත් යෝවාබ් හා මගේ ස්වාමියාණන්ගේ මිනිසුන් එළිමහනේ කඳවුරුවල; එහෙම නම් කන්නටත්, බොන්නටත් මගේ බිරිඳ හා සයනය කරන්නටත් මා මගේ ගෙදර යන්නේ කොහොම ද? ඔබේ ජීවිතය පා, ඔබ ජීවත් වන වග සැබෑ සේ ම, මට එහෙම දෙයක් කරන්නට බැහැ” යි කීවේ ය. එවිට දාවිත්, ඌරියා අමතමින්, “තව දවසක් මෙහි නැවතී සිටින්න. හෙට ඔබ ආපසු යවන්නෙමි” යි කීවේ ය. එබැවින් ඌරියා ඒ දවසත්, ඊළඟ දවසත් යෙරුසලමේ නැවතී සිටියේ ය. දාවිත්ගේ ඇරියුමින් ඔහු දාවිත් සමඟ කෑවේ ය; බීවේ ය; දාවිත් ඔහු වෙරිමත් කළේ ය. එහෙත් සවස් වූ කල්හි ඔහු තම හාම්පුතාගේ සේවකයින් අතරේ තම යහනේ නිදා ගැනීමට පිටතට ගියේ ය; ඔහු ගෙදර ගියේ නැත. පසු දා උදෑසන දාවිත්, යෝවාබ්ට ලිපියක් ලියා ඌරියා අත එය යැවී ය. ඔහු එහි ලියා යැව්වේ, “සටන දරුණු ව පවතින තැනක ඉදිරි පෙළෙහි ඌරියා සිටුවන්න; පහර කා, ඔහු මැරී වැටෙන්නට හැර එතැනින් පසු බසින්න” යනුවෙනි. එබැවින් යෝවාබ් එම පුරවර වටලා සිටියදී, වඩාත් ප්‍රබල සතුරන් සිටිතැයි ඔහු සිතූ තැනක ඌරියා සිටුවී ය.
2 සාමුවෙල් 11 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 සාමුවෙල් 11:6-16
3 Days
God has placed a warrior inside of every man. This plan is Part 2 of "I am A Warrior," by Dr. Kim Kimberling. It is for every man who desires to be a warrior for God, ready daily to fight the battles of life with Him.
4 Days
Do you ever just feel flat? You’re not alone—even King David ran out of joy. Start reading part five of the six-part Stay Positive series and rekindle your enthusiasm.
How can the heroes of the Bible inspire us to greatness? Join us in this four-day reading plan as Kristi Krauss motivates us with King David's discipline, King Solomon's temple, Elijah's spiritual vision, and Elijah's battle with false prophets. Don't be surprised if these testimonies transform your life.
5 days
The Essential 100® Bible Challenge is a simple tool to read through the Big Story of God's Word. The reading plan is based on 50 Old Testament and 50 New Testament passages. Continue with the eighth part "The Fall of Israel." ®Produced by American Bible Society in partnership with Scripture Union, Inc.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ