එවිට යෝවාබ්, තමාට එරෙහිව ඉදිරියෙන් හා පිටුපසින් වූ යුද්ධ සූදානම දැක, ඉශ්‍රායෙල් හේවායින්ගෙන් දක්ෂයින් තෝරා, අරාම්වරුන්ට එරෙහිව ඔවුන් පෙළ ගැස්වී ය. ඔහු සෙසු මිනිසුන් තම සහෝදර අබිෂයි යටතේ තබා, අම්මොන්වරුන්ට එරෙහිව ඔවුන් පෙළ ගැස්සවී ය. යෝවාබ්, කතා කරමින්, “අරාම්වරුන් මට වඩා බොහෝ බලවත් වුණොත්, මගේ උපකාරයට ඔබ ආ යුතුයි. එහෙත් අම්මොන්වරුන් ඔබට වඩා බොහෝ බලවත් වුණොත්, මම ඔබේ උපකාරයට එන්නම්. ශක්තිමත් ව සිටිමින්, අපි අපගේ ජනයා හා අපගේ දෙවියන්වහන්සේගේ පුරවර උදෙසා එඩිතර ව සටන් කරමු. ස්වාමින්වහන්සේ ස්වකීය ඇස් හමුවෙහි යහපත් ව පෙනෙන දේ කරන සේක්වා” යි පැවසී ය. ඉන්පසු යෝවාබ් හා ඔහු සමඟ වූ මිනිස්සු අරාම්වරුන්ට එරෙහිව සටනට ඉදිරියට ගිය කල, ඔවුහු ඔහු ඉදිරියෙන් පලා ගියහ. අරාම්වරුන් පලා යනු දුටු අම්මොන්වරු ද අබිෂයි ඉදිරියෙන් පලා ගොස්, පුරවරය තුළට වැදුණහ. එවිට යෝවාබ් අම්මොන්වරුන් හා සටන් කිරීමෙන් ආපසු හැරී, යෙරුසලමට ආවේ ය.
2 සාමුවෙල් 10 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 සාමුවෙල් 10:9-14
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ