2 රාජාවලිය 9
9
ඉශ්රායෙල්හි රජ ලෙස යේහූ ආලේප කිරීම
1දිවැසිවර කණ්ඩායමේ මිනිසකු කැඳවූ දිවැසිවර එලීෂා, “ඔබේ කබායේ ඔබේ බඳ පටිය බැඳගෙන, මේ තෙල් කුළාව ගෙන, රාමොත්-ගිලියාද් වෙත යන්න. 2ඔබ එහි ගොස්, නිම්ෂීගේ පුත් යෙහෝෂාෆාට්ගේ පුත් යේහූ සොයාගන්න. ඔහු වෙත ගොස්, ඔහුගේ සගයින්ගෙන් ඔහු වෙන් කොට, මෙසේ ඇතුල් කුටියකට කැඳවාගෙන යන්න. 3ඉන්පසු තෙල් කුළාව ගෙන, ඔහුගේ හිස පිට වත් කොට, මෙසේ ප්‍රකාශ කරන්න: ‘ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඉශ්රායෙල්හි රජු හැටියට මම ඔබ ආලේප කරමි.’ ඉන්පසු දොර ඇර පලා යන්න; පමා නො වන්නැ” යි පැවසී ය.
4එබැවින් ඒ තරුණ දිවැසිවරයා රාමොත්-ගිලියාද් වෙත ගියේ ය. 5ඔහු එහි ළඟා වූ කල, හමුදා නිලධාරීන් එකට වාඩි වී සිටිනු ඔහුට හමු විය. එවිට ඔහු, “සෙන්පතිතුමනි, ඔබට කියන්නට වචනයක් මට ඇතැ” යි පැවසී ය.
“අපගෙන් කාට දැ?” යි යේහූ ඇසී ය.
“ඔබටයි සෙන්පතිතුමනි” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
6යේහූ නැගිට, ගේ ඇතුළට ගියේ ය. එවිට දිවැසිවරයා යේහූගේ හිස පිට තෙල් වත්කර, මෙසේ පැවසී ය. “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: ‘ස්වාමින්වහන්සේගේ ජනයා වන ඉශ්රායෙල්වරුන්ගේ රජ හැටියට මම ඔබ ආලේප කරන්නෙමි. 7ඔබේ ස්වාමියා වන ආහාබ්ගේ වංශය ඔබ විනාශ කළ යුතු ය. මගේ සේවකයින් වන දිවැසිවරුන්ගේ ලේ ද ස්වාමින්වහන්සේගේ සියලු සේවකයින්ගේ ලේ ද නිසා යෙසෙබෙල්ගෙන් මම පළිගන්නෙමි. 8ආහාබ්ගේ මුළු වංශය විනාශ වන්නේ ය. ඉශ්රායෙල්හි සිටින වහල් හෝ නිවහල් ආහාබ්ගේ හැම පිරිමියකු ම මම සිඳ දමන්නෙමි. 9ආහාබ්ගේ වංශය, නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ වංශය මෙන් ද අහියාගේ පුත් බාෂාගේ වංශය මෙන් ද වන්නට සලස්වමි. 10බල්ලෝ යෙස්රෙයෙල් බිම් කොටසේදී යෙසෙබෙල් කා දමනු ඇත; ඇය වළලන්නට කිසිවකුත් නො වනු ඇත.’ ” ඉන්පසු ඔහු දොර ඇර, පලා ගියේ ය.
11යේහූ තම සහායක නිලධාරීන් වෙත ගිය කල, ඔවුන්ගෙන් කෙනෙක් ඔහු අමතා, “හැම දෙයක් ම හොඳින් ද? ඒ පිස්සා ඔබ වෙත ආවේ මොන එහෙකට දැ?” යි ඇසී ය.
යේහූ පිළිතුරු දෙමින්, “ඒ මිනිහාත්, ඔහුගේ කතාවත් ඔබ දන්නවා නො වේ දැ?” යි ඇසී ය.
12“එසේ නො වෙයි, අපට දැන් එය කියන්නැ” යි ඔවුහු පැවසූහ.
එවිට යේහූ, “ඔහු මට පැවසුවේ මෙලෙසයි: ‘ඉශ්රායෙල් රජකමට මම ඔබ ආලේප කරමියි ස්වාමින්වහන්සේ පවසන සේක’ කියා යැ” යි පැවසී ය.
13එවිට ඔවුහු හනික තමන්ගේ කබා ගලවා, ඔහුට යටින් පඩි පෙළ මත අතුළහ. ඉන්පසු ඔවුහු හොරණෑව හඬවා, “යේහූ රජ්ජුරුවෝ යැ” යි ප්‍රකාශ කළහ.
යෝරාම් හා අහසියා මරා දැමීම
14එබැවින් නිම්ෂීගේ පුත් යෙහෝෂාෆාට්ගේ පුත් යේහූ, යෝරාම්ට එරෙහිව කුමන්ත්‍රණ කළේ ය. (තවද යෝරාම් හා මුළු ඉශ්රායෙල් අරාම්හි රජු වූ හසායෙල්ට එරෙහිව රාමොත්-ගිලියාද් ආරක්ෂා කරමින් සිටියහ. 15එහෙත් යෝරාම්#9:15 යෝරාම් එනම් යෙහෝරාම් රජු, අරාම්හි රජු වූ හසායෙල් සමඟ යුද වදිද්දී අරාම්වරුන් විසින් කරන ලද තුවාල සුව කර ගැනීමට යෙස්රෙයෙල් වෙත ආපසු පැමිණ සිටියේ ය.) යේහූ තම සගයින් අමතමින්, “ඔබේ සිතේ කැමැත්ත මෙය නම්, පුරයෙන් ඉවත් ව ගොස්, යෙස්‍රෙයෙල්හි මේ පුවත් පවසන්නට කිසිවකුට ඉඩ හරින්න එපා යැ” යි පැවසී ය. 16ඉන්පසු ඔහු තම රථයට නැගී එය පදවාගෙන යෙස්රෙයෙල් වෙත ගියේ ය. යෝරාම් එහි විවේක සුව ලබමින් සිටි අතර යූදා රජු වූ අහසියා ඔහු බලන්නට ගොස් සිටියේ ය.
17යෙස්‍රෙයෙල්හි මුර කොටුවේ සිටි මුරකරු යේහූගේ භට පිරිසක් පැමිණෙනු දැක, “භට පිරිසක් එනවා මට පෙනේ යැ” යි හඬ නගා පැවසී ය.
එවිට යෝරාම්, “ඔවුන් මුණගැසෙන්නට අසරුවකු යවමින්, ‘නුඹලා එන්නේ සාමයෙන් ද?’ කියා අසා යවන්නැ” යි පැවසී ය.
18අසරුවා යේහූ මුණගැසෙන්නට ගොස්, “ ‘ඔබ එන්නේ සාමයෙන්’ ද කියා රජු අසන්නේයැ” යි පැවසී ය.
“සාමයෙන් නුඹට ඇති කාරිය කිම? මා පසු පස එනු” යි යේහූ පිළිතුරු දුන්නේ ය.
මුරකරු වාර්තා කරමින්, “පණිවුඩකරු ඔවුන් වෙත ළඟා වුවත් ඔහු ආපසු එන්නේ නැතැ” යි පැවසී ය.
19එබැවින් රජු දෙවන අසරුවකු යැවී ය. ඔහු ඔවුන් වෙත ගොස්, “ඔබ එන්නේ සාමයෙන් ද කියා රජු අසන්නේයැ” යි කීවේ ය.
“සාමයෙන් නුඹට ඇති කාරිය කිම? මා පසු පස එනු” යි යේහූ කීවේ ය.
20මුරකරු වාර්තා කරමින්, “ඔහු ඔවුන් වෙත ළඟා වූ නමුත්, යළි එන්නේ නැත. රිය පැදවීම නම් නිම්ෂීගේ පුත් යේහූ වාගේ ය. ඔහු පදවන්නේ උන්මත්තයකු වගේ යැ” යි පැවසී ය.
21“මගේ රථය සූදානම් කරනු” යි යෝරාම් නියෝග කළේ ය. එය සූදානම් කරනු ලැබූ කල, ඉශ්රායෙල් රජු වූ යෝරාම් හා යූදා රජු වූ අහසියා තම තමන්ගේ රථ පදවාගෙන යේහූ හමුවට ගියහ. ඔවුහු යෙස්රෙයෙලීය නාබොත්ගේ බිම් කොටසේදී ඔහු මුණ ගැසුණහ. 22යේහූ දුටු කල, යෝරාම්, “ඔබ එන්නේ සාමයෙන් ද යේහූ?” යි ඇසී ය.
“ඔබේ මව වන යෙසෙබෙල්ගේ පිළිම රූප මන්තර ගුරුකම් මෙපමණ තිබියදී මොන සාමයක් දැ” යි යේහූ පිළිතුරු දුන්නේ ය.
23එවිට යෝරාම් අහසියාට කෑ ගසමින්, “අහෝ! අහසියා, ද්‍රෝහිකම” යි කියමින් හැරී පලා යන්නට සැරසුණේ ය;
24එවිට යේහූ තම මුළු ශක්තියෙන් දුන්න තැත් කවා, ඔහුගේ මුළු ශක්තියෙන් යෝරාම්ගේ හදවත සිදුරු කර ගෙන යන ලෙස ඔහුගේ උරහිස් අතරට විද්දේ ය. 25යේහූ තම රථ රියදුරු බිද්කර් අමතා, “මොහු රැගෙන, යෙස්රෙයෙලීය නාබොත්ට හිමි ව තිබූ කෙතට හෙළා දමන්න. මන්ද ඔබත්, මාත් එක් ව රථ පදවමින්, මොහුගේ පියා වූ ආහාබ් අනුව යන කල ස්වාමින්වහන්සේ ඔහු ගැන දුන් දිවැස් වැකිය සිහි කරන්න. 26එනම් ‘නාබොත්ගේ ලේ හා ඔහුගේ පුතුන්ගේ ලේ ඊයේ මම දුටිමියි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක; නියතයෙන් ම මම මේ බිම් කොටසේදී නුඹෙන් එය අය කර ගන්නෙමියි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක’ යන්නයි. එබැවින් දැන් මොහු ස්වාමින්වහන්සේගේ වචනයට අනුව ඒ බිම් කොටසට හෙළාලන්නැ” යි පැවසී ය.
27යූදා රජු වූ අහසියා සිදු වූ දේ දැක, බෙත්-හග්ගාන් දෙසට පාර දිගේ පලා ගියේ ය. යේහූ ඔහු පසු පස පන්නා, “මොහුත් මරා දමනු” යි කෑගැසී ය. ඉබ්ලෙයාම් අසල ගූර් නැග්මෙහි ඔහු තම රථයේ සිටියදී ඔවුහු ඔහුට තුවාල කළහ. එහෙත් මෙගිද්දෝ වෙතට බේරී පලා ගිය ඔහු එහිදී මළේ ය. 28ඔහුගේ සේවකයෝ රථයෙන් ඔහු යෙරුසලමට ගෙන ගොස්, දාවිත් පුරයේ ඔහුගේ පියවරුන් සමඟ ඔහුගේ සොහොනේ භූමදාන කළහ. 29ආහාබ්ගේ පුත් යෝරාම්ගේ එකොළොස් වන වසරේ අහසියා යූදාහි රජකමට පත් වී සිටියේ ය.
යෙසෙබෙල්ගේ මරණය
30ඉන්පසු යේහූ, යෙස්රෙයෙල් වෙත ගියේ ය. යෙසෙබෙල් ඒ අසා, තම ඇස්වල අඳුන් තවරා, තම හිසකේ සරසා, කවුළුවකින් පිටත බැලුවා ය. 31යේහූ දොරටුවෙන් ඇතුල් වන කල ඈ, “තම ස්වාමියාගේ මිනී මරුවා වූ සිම්රී, ඔබ සාමයෙන් දැ?” යි ඇසුවා ය.
32ඔහු ඇස් ඔසවා කවුළුව දෙස බලා, “කවුරු ද මට පක්ෂ ව සිටින්නේ; කෝ කවුරු දැ?” යි ඇසී ය. එවිට නපුංසකයින් දෙතුන් දෙනෙක් ඔහු දෙස පහළ බැලූහ. 33“ඇය පහළට හෙළනු” යි යේහූ කීවේ ය. එබැවින් ඔවුහු ඇය පහළට හෙළූහ. ඇගේ ලේවලින් මදක් බිත්තිය මත හා ඇය පාගා ගිය අශ්වයින් පිට ඉසිරිණි.
34යේහූ ඇතුළට ගොස්, කෑවේ ය. බීවේ ය. ඔහු, “ඒ ශාප ලත් ස්ත්‍රිය ගැන බලා ගන්න. ඇය රජකුගේ දියණිය බැවින්, ඇය වළලා දමන්නැ” යි පැවසී ය. 35එහෙත් ඔවුන් ඇය වළලන්නට පිටතට ගිය කල, ඇගේ හිස් කබලත්, පාදත්, අත්ලත් මිස වෙන කිසිවක් සම්බ නො විණි. 36ඔවුහු ආපසු ගොස් ඒ වග යේහූට දැන් වූ කල, ඔහු මෙසේ කීවේ ය: “මේ තම සේවක තිෂ්බීය එලියා මගින් පවසන ලද ස්වාමින්වහන්සේගේ වචනයයි: යෙස්රෙයෙල් බිම් කොටසේදී බල්ලෝ යෙසෙබෙල්ගේ මාංසය කා දමන්නෝ ය. 37‘මේ යෙසෙබෙල්’ යැයි කිසිවකුට කියන්නට නො හැකි වන ලෙස යෙසෙබෙල්ගේ මළකඳ යෙස්රෙයෙල් බිම් කොටසේ මතු පිට ඇති කුණු-කසල මෙන් වනු ඇත.”
දැනට තෝරාගෙන ඇත:
2 රාජාවලිය 9: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: