2 රාජාවලිය 8:4-6
2 රාජාවලිය 8:4-6 SCV
මේ අතර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවක ගෙහාසී සමඟ කතා කරමින් සිටි රජු, “එලීෂා කර ඇති සියලු බලවත් දේවල් මට කියන්නැ” යි කීවේ ය. ගෙහාසී, එලීෂා විසින් මළ අයකුට ජීවනය දුන් සැටි රජුට පවසද්දී ම, මෙන්න! එලීෂා මරණයෙන් යළි ජීවනයට පැමිණ වූ පුත්‍රයාගේ මව තමාගේ නිවසත්, ඉඩමත් ගැන ඉල්ලීමට රජු වෙත ආවා ය. එවිට ගෙහාසී, “මගේ ස්වාමි වූ රජතුමනි, මැයයි ඒ කාන්තාව, එලීෂා යළි ජීවනයට ගෙනා ඇගේ පුත්‍රයා මොහු යැ” යි පැවසී ය. රජු ඒ පිළිබඳව එම කාන්තාවගෙන් විමසී ය. ඈ ඔහුට පැවසුවා ය. ඉන්පසු ඇගේ කාරණයට නිලධාරියකු පත් කළ රජු, “ඇය සතු ව තිබූ සියල්ලත්, ඇය දේශයෙන් පිටත් ව ගිය දවසේ සිට අද දක්වා වතු පිටිවල ආදායමත් ඇයට ආපසු ලබා දෙන්නැ” යි නියම කළේ ය.

