2 රාජාවලිය 7:3-9

2 රාජාවලිය 7:3-9 SCV

මේ අතර කුෂ්ඨ රෝගය වැලඳුණු මිනිසුන් හතර දෙනෙක් පුරවරයට පිවිසෙන දොරටුව ළඟ සිට, එකිනෙකා අමතමින්, “මැරෙන තුරු අපි මෙහි සිටින්නේ කුමට ද? ‘පුරවරයට යමු’ යි අප කීවත් එහි සාගතෙන් අප මැරේවි. මෙහි නැවතී සිටියත් අප මැරේවි. එනිසා අපි අරාම් කඳවුරට ගොස්, බාරවෙමු. ඔවුන් අප නො මැරුවොත් අපට ජීවත් විය හැකියි; ඔවුන් අප මැරුවොත් අප මැරෙනවා පමණකි” යි පැවසූහ. ඇඳිරි වැටීගෙන එන වේලාවේ ඔවුහු නැගිට අරාම්වරුන්ගේ කඳවුර වෙත ගියහ; එහෙත් ඔවුන් කඳවුර ළඟට පැමිණි කල කිසිවකු හෝ එහි සිටියේ නැත. මන්ද ස්වාමින්වහන්සේ රථවල ද අශ්වයින්ගේ ද බලවත් හමුදාවකගේ ද ඝෝෂාවක් අරාම්වරුන්ට ඇසෙන්නට සලස්වා තිබිණි. එබැවින් ඔවුහු, “මෙන්න, ඉශ්‍රායෙල් රජු අපට පහර දෙන්නට හිත්තිවරුන්ගේ ද ඊජිප්තුවරුන්ගේ ද රජුන් කුලියට අරගෙන ඇවිල්ලා” යි පවසමින්, නැගිට, ඇඳිරි වැටෙන වේලාවේදී පලා ගියහ. ඔවුහු තම කූඩාරම්, තම අශ්වයින් හා බූරුවන් අතහැර, කඳවුර ඒ හැටියෙන් ම තිබෙන්නට හැර දිවි ගලවා ගන්නට පලා ගියහ. කුෂ්ඨ රෝගීහු කඳවුරු මායිමට පැමිණ, එහි වූ කූඩාරමකට ඇතුල් වී, කා බී, රිදී ද රන් ද වස්ත්‍ර ද ගෙන ගොස් සැඟවූහ. ආපසු පැමිණ, තවත් කූඩාරමකට ඇතුල් වූ ඔවුහු එතැනින් ද භාණ්ඩ ගෙන ගොස් සැඟවූහ. ඉන්පසු එකිනෙකා අමතන්නට වන් ඔවුහු, “අප කරන දේ හරි නැත. අද දවස ශුභ ආරංචි ඇති දවසක්. ඒත් අප නිහඬ ව එළිවන තුරු සිටියොත්, අප දඬුවමට ලක් වෙයි. වහා ගොස්, අපි මේ වග රජ මැදුරට දන්වමු” යි පැවසූහ.

මෙයට අදාළ වීඩියෝ

2 රාජාවලිය 7:3-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය