2 රාජාවලිය 6:1-7

2 රාජාවලිය 6:1-7 SCV

දිවැසිවර කණ්ඩායම එලීෂා අමතමින්, “බලන්න, අප ඔබ සමඟ එක්රැස්වෙන මේ ස්ථානය අපට ඉඩ මදියි. යොර්දානයට ගොස්, අප එකිනෙකා ලී කඳක් බැගින් ගෙනැවිත්, අපට වාසය කරන්නට ස්ථානයක් ඉදි කරමු” යි පැවසූහ. “යන්නැ” යි ඔහු පැවසී ය. එවිට ඔවුන්ගෙන් කෙනෙක්, “ඔබේ සේවකයින් සමඟ යන්නට සතුටු වුව මැනව” යි පැවසී ය. “මා එනවා” යි පිළිතුරු දුන් එලීෂා ඔවුන් සමඟ ගියේ ය. ඔවුහු යොර්දාන් වෙත ගොස්, ගස් කපන්නට වන්හ. ඔවුන්ගෙන් කෙනකු ගසක් කපන කල, යකඩ පොරෝ තලය වතුරට වැටිණි. “අනේ මා ස්වාමිනි, එය ඉල්ලා ගත් එකකි!” යි ඔහු මොර ගැසී ය. “කෝ කොතැනට ද ඒක වැටුණේ?” යි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඇසී ය. ඔහු ඒ තැන ඔහුට පෙන් වූ කල, ඔහු ලීයක් කපා එතැනට හෙළී ය. එවිට යකඩය පා වන්නට විය. “ඒක අරගන්නැ” යි ඔහු කී ය. එවිට ඒ මිනිසා තම අත දිගු කොට, එය ගත්තේ ය.

මෙයට අදාළ වීඩියෝ

2 රාජාවලිය 6:1-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය