2 රාජාවලිය 5:15-19
2 රාජාවලිය 5:15-19 SCV
ඉන්පසු නාමාන් හා ඔහුගේ පිරිවර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත ආපසු ගියෝ ය. නාමාන් ඔහු අබියස සිටගෙන, “දැන් මම දන්නවා ඉශ්‍රායෙල්හි මිස, ලෝකයේ වෙන දෙවියන්වහන්සේ කෙනකු නැති වග. කරුණාකර දැන් ඔබේ සේවකයා වෙතින් තෑග්ගක් පිළිගන්නැ” යි කීවේ ය. දිවැසිවරයා පිළිතුරු දෙමින්, “මා සේවය කරන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මා කිසිවක් පිළිගන්නේ නැතැ” යි පැවසී ය. නාමාන් පෙරැත්ත කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය. “ඔබ පිළිගන්නේ නැත්නම්, කරුණාකර කොටළුවන් දෙදෙනකුට ගෙන යන්නට හැකි තරම් පස් ගෙන යන්නට ඔබගේ සේවක මා හට අවසර දෙන්න. මින් පසු ඔබගේ සේවකයා ස්වාමින්වහන්සේට මිස වෙන කිසි දෙවි කෙනකුට දවන යාග පූජා හෝ යාග පූජා හෝ පුදන්නේ නැත. එහෙත් ස්වාමින්වහන්සේ ඔබේ සේවකයාට මේ කාරණය ගැන කමා වන සේක්වා: මගේ ස්වාමියා වඳින්නට රිම්මෝන් දෙවොලට ඇතුල්වන්නේ මගේ අතට හේත්තු වීයි. එවිට මට ද වඳින්නට සිදු වෙයි. එසේ මා රිම්මෝන් දෙවොලේ වඳින කල, ස්වාමින්වහන්සේ ඔබගේ සේවකයාට කමා වන සේක්වා!” යි නාමාන් පැවසී ය. “සාමයෙන් යන්නැ” යි එලීෂා පැවසී ය. නාමාන් ටික දුරක් ගමන් කළ පසු

